03 කොටස

3.4K 419 72
                                    

මුල් සතියෙම තිබුනේ projects introduction.. මිගාරගේ main project එක කරන්න කලින් මාස තුනක් යනකන් daily task knowledge එක අරගෙන ඊට පස්සේ තමයි project lead තෝරලා දාන්නේ..

හැම මීටින් එකකම මිගාර හිටියේ අපුර්වව සත පහකට ගණන් නොගෙන. අපුර්වටත් දැන් එක පුරුදු වෙලා තිබුනේ. ශාක්‍ය, භාතිය අපුර්වත් එක්ක කොච්චර ෆිට් වුනත් මිගාර එයා දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ..

"Let's have a recap next week.." භාතිය කිව්වේ හැමෝටම මෙච්චර කල් කරපු දේවල් මතක තියාගෙන වරෙන් කියන්න වගේ.

"No.. let's have it today.." මිගාර එක පාරටම යෝජනා කළා..අපුර්ව ෂුවර් එකටම දැනගත්තා එයාට ටොපිය සෙට් වෙනවා කියලා.

"So.. Mr. Apurwa Yathra Karunarathna.." මිගාර අපුර්ව දිහාවට හැරුනා.

මම කිව්වේ. මු මේ පිරිමහන්නේ ආත්ම ගානක වෛරය..

මිගාර අපුර්ව දිහාවට හැරෙද්දී ශාක්‍ය භාතියට ඇහැක් ගහනව එයා බලාගෙන..

යකෝ මුන් දෙන්නත් හවුල් මූට...

"Imagine a situation where, our company decides to.." මිගාර දිලිසෙන ඇස් වලින් අපුර්ව දිහා බලාගෙන කියනවා.

අපුර්ව කෙලින්ම නැගිටලා ගියේ white board එක ගාවට. මොනවා ඇන්දාද මොනවා විස්තර කලාද කියන්න අද වෙනකන් එයාවත් දන්නේ නැහැ.

අපුර්වට මතකයි මිගාරගේ ඇස් දෙක දිලිසෙනවා. අපුර්ව කියන වචනයක් ගානේ දිලිසෙනවා. එයා මුළු විනාඩි 10, 12 තිස්සෙම විස්තර කලේ මිගාර දිහා විතරක් බලාගෙන. අපුර්වට තවම මතකයි මිගාර පපුව මැද අත් දෙකත් බැඳගෙන එයා දිහා හෙලවෙන්නේවත් නැතුව බලන් ඉන්නවා.

"Thank you..!" අපුර්ව ඇවිල්ලා ආයෙමත් සීට් එකේ ඉදගත්තා..

"Well done!" ශාක්‍ය පිටට තට්ටුවක් දැම්මා. භාතිය තම්බ්ස් අප් එකක් දුන්නා.

ජිවිතේ පලවෙනි වතාවට අපුර්ව දැක්කා එයා වෙනුවෙන් පුංචිම පුංචි හිනාවක් මිගාරගේ මුනේ තියෙනවා. හැබැයි මිනිහා මුකුත්ම කිව්වේ නැහැ නැගිටලා ගියා.

"අඩෝ මම නම් හිතුවේ මම අද සිරාවටම ඉවරයි කියලා.." මිටින් රූම් එකෙන් එලියට එද්දී ටීම් එකේ හිටපු අනික් දෙන්නාගෙන් එක්කෙනෙක් පපුව අල්ලාගෙන කියනවා.

ස්නේහ | CompletedWhere stories live. Discover now