" ඉතින් නුඹ තව දුර ගියෝතින් ... මාව අමතක නොවෙන්න ..
දුටුවොතින් සදවතිය අහසේ යන තැනක තතු කියන්න ... "මං හිටියෙ සාලෙ පුටුවක් උඩ ඉදන් පත්තරේ බල බල .. දේශපාලන තොරතුරු , භාන්ඩ මිල ඉහල ගිය ඒවයි රත්තරන් මිල පහල ගිය ඒවයි ඇරෙන්න මේ දවස් වල කියවන්න විශේශ දෙයක් නැතිකොට මගෙ එකම පුත්‍ර රත්නෙ සිංදු කෑල්ලක් මුමුනන ගමන් ඇවිල්ල මගෙ ඉස්සරහ සෝෆ එකෙන් ඉදගත්ත .. දාල තිබ්බ කන්නාඩිකුට්ටමය උඩින් කොල්ලගෙ මූන දිහා බලල මං කන්නාඩිය කොන්ඩෙ උඩින් රදවගෙන පත්තරේ දෙකට නමල සැටිය උඩට දැම්ම .. අනිත් පාර මංඅත්දෙක එකට පටලවගත්තෙ කොල්ලගෙ හොර බැල්ම මට ඇල්ලුවෙ නැති හින්දමයි ..
" මොකෝ .. හොර බැල්ම දාන්නෙ ..? "
" තාත්තෙ .. "
"ම්ම් "
" කේශිත .. එයාගෙ අප්පච්චි එක්ක මෙහෙ එනව අ.. ද අනේ තාත්තෙ අහන්නකො .. අනේ තාත්තෙ පොඩ්ඩක් මං කියන් දේ අහල ඉන්නකො .. ඇයි අප්ප ඔයා මට මෙහෙම කරන්නෙ ..?? "
" කරන්නෙද ?? අයිසෙ මං උබේ තාත්ත .. උබව පොඩි කාලෙ ඉදන් උබේ අම්මත් නැතුව මං උබව උස්මහත් කලේ .. උබ දන්නවද ? බඩට වේලක් නැතුව මං දුක් විදපුදවස් ඕන තරම් ඇති මගෙ පුතේ .. කරල කියවනව නෙමේ .. ඒත් උබ දැනගන්න ඕනෙ මං උබව උස්මහත් කරන්න විදපු දුක .. මේ අත්දෙකෙන් උබව අල්ලල ඇවිද්දෙව්වෙ මං .. උබේ අම්ම උබව වදල මාව උබ එක්ක තනිකරල යන්න ගිය තප්පරේ ඉදන් මං උබව හදන්න නොවිදිනා දුක් වින්ද .. මේ අත්දෙකෙන් අල්ලල මං උබව ඇවිද්දෙව්වෙ . අහපන් මේ බිත්ති හතරෙන් මං විදපු උහුලපු දුක ගැන . මේ බිත්ති හතරත් අඩයි බං මගෙ දුක ගැන මතක් කරල .. එහෙව් උබ !.. මේ තාත්තටද මෙච්චර ගින්දරක් දෙන්නෙ ..? ආ .. ඇයි අකමැති දේම කරන්නෙ .. ? යකෝ ඌ කොල්ලෙක් ! .. කියපන් මොන කාලෙද කොල්ලො කොල්ලො ලව් කලේ ..? උබ කිව්වනම් උබ කෙල්ලෙක්ට ආදරේ කරනව තාත්තෙ කියල .. මං කවදාවත් උබට වචනයක් කියන්නෑ බන් .. අම්මෙක් තාත්තෙක් නැති අනාත කෙල්ලෙක් උනත් කමක් නෑ පුතේ හැබැයි ඔය කොල්ලව අතෑරපන් .. උබ මගෙ එකම පුතා .. උබ ගේන්න ඕනෙ ලේලියක් .. නැතුව උබ වගේම කොල්ලෙක් නෙමේ .. තේරුනාද උබට ..?? තේරුනාද !! "
YOU ARE READING
LOV€ N€V€R G€TS OLD
Fanfiction" සමහර විට මට ඔයාව මීට කලින් හම්බ උනානම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුන ..! "