.
.
.
.
එතන හිටියේ මගේ ජීවිතේ මගෙන් උදුරගත්තු ඒ නරුමයෝ ටික. කාලයත් එක්ක ස්වරූපය ටිකක් වෙනස් වුනත් මගේ ජීවිතේ උදුරගත්තු උන්ව මට අදුරගන්න අමාරු උනේ නැහැ. ඒත්.. කොහොමද උන් මෙහෙට ආවේ.. හේතුව මොකද්ද? මොනා බලාපොරොත්තුවෙන්ද? උන් මොනවද මෙහේ කරන්නේ… අනික උන් ඔක්කොම කොහොමද එකට එකතු වුනේ.. උත්තර නැති ප්‍රශ්න ගොඩක්.. හැබැයි මං දන්නවා ඉක්මනටම අපිට ඒවට උත්තර හම්බ වෙයි.
මං මගේ ළග හිටපු එයාගේ අත තද කරලා අල්ල ගත්තා. එදා දවස මතක් වෙද්දී.. අනේ මට හරි බයයිනේ 🥺. දෙවියනේ මොකද්ද මේ වෙන්නේ.. අනේ මට තවත් විදවන්න නම් බෑ..
නෑ. නෑ. මෙහෙම ඉදලා බෑ. මං ශක්තිමත්. මං බය වෙන්නෑ... මොකද දැන් ඉන්න ශාන් එදා හිටපු අහිංසක අසරණ ශාන් නෙමෙයි. එයා එදා මැරුනා. දැන් ඉන්නේ අලුත් ශාන් කෙනෙක්.මගේ චූටි මැණික.. මොකද්ද ප්‍රශ්නේ.. ම්…
හැමදාම වගේ අදත් මගේ වෙනස මං මුකුත් නොකිව්වත් එයාට තේරිලා තිබ්බා.
අයියේ… මේ තමයි ඔයාගේ සුදු මැණික අද මෙතන මෙහෙම ඉන්න හේතු වෙච්ච කට්ටිය.. මේ තමයි මාව එදා මගේ ජීවිතේ නැතිකරගන්න තැනට පත් කරපු ඒ තිරිසන්නු ටික.
මට තේරුණා මං ඒක කියපු ගමන් එයාට හොදටම තරහ ගියා.
ඒ වගේම එතන ඉන්න ගෑනි තමයි මේ හැමදේකම ඇරඹුම වගේම අවසානය.
මගේ මරණ වරෙන්තුව දීපු පාහර බැ## තමයි ඒ.මට දැනෙනවා එයාව වෙව්ලනවා. නමුත් එයා එයාවම පාලනය කරගන්න උත්සාහ කරා.. මොකද එයාගේ කේන්තිය නිසා මෙතන වෙන්න ඕන දේවල් කලබල වෙලා නැති කරගන්න එයාට අවශ්‍ය නැති නිසා.
.
.
ඒත් එක්කම මං දැක්කා ඌ මාව දැක්කා කියලා.
හො හෝ… ඒ ආන් බලාපල්ලා අර කවුද ඉන්නේ කියලා..
ඕයි ගෑනියේ... ආං බලපන් උඹ එදා රවට්ටපු සූකිරි කෑල්ල..ශාන්… මගේ ශාන්.. මගේ ලස්සන කොල්ලා😍… මං ළගට එන්නකෝ…
මොන මගුලක්ද මේ…ඒකි හරියට ඩ්‍රග් යූස් කරන එකෙක් ඩ්‍රග්ස් ඉල්ලනවා වගේ මාවම ඉල්ල ඉල්ල මං ළගට දුවගෙන එන්න ගත්තා.
ඒත් එක්කම යිබෝ අයියා මාව එයාගේ පිටිපස්සට කරගත්තා. මාත් එයාව බදාගත්තා. මොකද මේ වෙන දේ නම් මට තේරුම් ගන්න බැරුව හිටියේ.. මොකද්ද මේ වෙන්නේ…
ВЫ ЧИТАЕТЕ
See you later my dear Aphrodite ✅✅
Фанфикජීවිතේ හරිම පුදුමාකාරයි... අහම්බෙන් හම්බුන බැදීමක් නිසා ආයෙත් බලාපොරොත්තු ඇතිවෙයිද? වෙන්වීමක් සහ නැවත හමුවීමක්... අවසානයක් එක්කම ආරම්භයක්.... ආත්මීය සහකරුවන් දෙදෙනෙක්. 💚❤️ එක්ක දවසක් දා සූස් ගාලා හිත අරන් ගියා 😍 මට උන් හිටි තැන් මාරු වෙලා එයා පස...