04 කොටස

3.1K 398 37
                                    

ඊලග දවසේ උදේ පාන්දරම ඔෆිස් එකට ආපු අපුර්වට තිබුන දැවෙන ප්‍රශ්නය තමයි මිගාර කොහොමද එයාගේ ගෙදර තියෙන තැන දන්නේ? හැබැයි ඒක දැවෙන ප්‍රශ්නය වුනේ පැය භාගෙකටත් වඩා අඩු වෙලාවක්. මොකද ශාක්‍ය එයා  ලගට ඇවිල්ලා, උදේ පාන්දරම අතැරපු බෝම්බෙන් එයාට ආයේ වෙන දේවල් හිත හිතා ඉන්න වෙලාවක් තිබුනේ නැහැ.

"පරාක්‍රම සීයා හොදට හොදයි, නරකට ඉතාම නරකයි මචං.." ශාක්‍ය මේසය උඩ හරි බැරි ගැහිලා ඉඳගෙන කියන්න පටන් ගත්තා.

"හොදටම අදුරන අයට ලේසියෙන් බුරුල දෙන්නේ නැහැ. දැන් බලපන් අපේ මිගාර.. ඌ CFO වෙන්න සුදුසුයි කියලා මුළු ටොප් බෝර්ඩ් එකම ඒකමතික තීරණයකට ආවත්, පරාක්‍රම බොසා ඒකට ඉඩ දුන්නේ නැහැ. මිගාර එක්ක කම්පීට් කරපු අනික් එකෙක්වත් උගේ ළඟින්වත් තියන්න පුළුවන් උන් නෙමෙයි. කොටින්ම කියනවා නම් උන්ටවත් උවමනා වුනේ නැහැ මිගාර එක්ක කම්පීට් කරන්න. පරාක්‍රම බොසා බලෙන්ම උන් ලව්වා ඉල්ලෙව්වා.."

"ඇයි ඉතින් එච්චර දෙයක් කරන්නේ? එයා කේස්ද මිගාර එක්ක?"

"පිස්සුද බං.. සීයාගේ පණ තමයි මිගාර... ඌ ඇතුගල්බණ්ඩාර පරම්පරාවේ අන්තිම පුරුක.."

"එහෙනම් එච්චර වදයක් දෙන්නේ මොකටද?"

"මචං සීයා තදින්ම විශ්වාස කරන දෙයක් තමයි, නිකන් ලැබෙන දේ වටිනාකම නැහැ කියන එක. තමන්ට දෙයක් ඕන නම් ඉල්ලගන්නෙපා, උපයගන්න.. එක තමයි මෑන්ස්ගේ උදාන වාක්‍යය.. ඒ නිසා මචන් මිනිහට කව්රු හරි ස්මාර්ට් පොරක් සෙට් වුනාම උගේ අහන්න තියෙන සියලුමාකරයේ ප්‍රශ්න අහනවා ආයේ කාටවත් ඩවුට්ස් නැහැ පරාක්‍රම බොසාගේ සිලෙක්ෂන්ස් ගැන."

"මායි, භාතියත් බොසාගෙන් ලාවට කට්ටක් කෑවා මිගාරගේ පොඩි කාලේ ඉදන්ම යාලුවෝ නිසා.." ශාක්‍ය අයෙමත් කිව්වේ කට ඇරගෙන එයා දිහා බලන් ඉන්න අපුර්ව දිහා බලලා..

"එක දවසක් මිගාරට වැරදිලා සීයා කියලා එවෙලේම මීටින් එකෙන් නැගිටවලා එලියට යැවුවා සීයා ඉන්නේ ගෙදර ඔයා දැන් ගෙදර යන්න එහෙනම් කියලා.."

"දැන් නම් මට මගේම හාර්ට් බීට් එක ඇහෙනවා ඇහෙනවා වගේ කන ලගින්..." අපුර්ව පපුවට අත තියාගෙන කිව්වා.

ස්නේහ | CompletedWhere stories live. Discover now