No proof reads 💀
" ජිමින් ඉක්මනට ඇහැරෙන්න උතුමානන් ඇවිල්ලා "
ජිමින් එක පාරටම ඇහැරුණේ ජින්ගේ කටහඩට ~
උතුමානන් පළවෙනි පාරට හම්බෙන වතාවෙදී අපිළිවල විදිහට එතුමන් ඉස්සරහට යන්න ජිමින්ට කිසිම උවමනාවක් තිබුණේ නැ.ඒ නිසා ඔහූගේ කිමෝනා එක පිළිවලට සකස් කර ගත්ත ජින් නැවතත් කණ්නාඩියෙන් ඔහුගේ මුහුණ සහ කිමෝනා එක දෙස බැලුවේ හැම දෙයක්ම හරියට තියනවද නැද්ද කියලා බලාගන්න.
හැමදෙයක්ම පිළිවලට තියන නිසා ජිමින් ඉක්මනට ඔහුගේ කාමරයෙන් පිටතට ගොස් ජින් ඉන්න දිහාවට ගියේ මේ වෙලාවේ එයා හමුවීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා හරියටම ඉන්න තැන ඔහු නොදන්නා නිසා.
ජිමින් කුස්සියට යන විට ජින් ඒ වෙන කොටත් උතුමානන්ගේ තේ සකස් කරමින් හිටියා.
" ජිමින් ඔබ ඔය රස කැවිලි බදුනත් අරගෙන මගෙ පස්සෙන් එන්න "
ජින් දීපු රසකැවිලි බදුනත් රැගෙන ජින් පසුපසින් ගිය ජිමින් නැවතුනේ සාමාන්‍යයෙන් විශාල දොරක් තියන කාමරයක් ඉදිරිපස.ජින් අතේ තිබුණ තේ බන්දේසිය බිමින් තියනවත් සමගම ජිමින් දෙසට හැරී ඔහුගේ ඔලුව අත ගෑවේ ඔහුව යම්තාක් දුරට සන්සුන් කරන්න.
මින් පෙර කවදාවත් වෙන කිසිවෙකුගෙන් මේ ආකාරයේ සැලකීමක් ජිමින් ලබලා නැති නිසා ඔහුගේ හිත ජින් කෙරෙහි අමුතුම වූ හැගීමකින් පිරී ගියත් ඔහු ඒ සියල්ල යටපත් කරගත්තේ මේ එයට වේලාව උනෙ නැති නිසා.
කාමරයේ දොර ඔවුන් දෙදෙනාට ඇතුලු වීමට තරම් දකුණු පසට තල්ලු කර විවෘත කළ ජින් බිමින් තිබූ තේ බන්දේසිය නැවත අතට ගත්තේ ජිමින් දෙස බලා ඔහුට පසුපසින් පැමිණෙන්න කියා අගවමින්.
කාමරයට ඇතුලු වූ තැන පටන් බිම බලාගෙන සිටි ජිමින් ජින් පසුපසින් ගොස් ඔහු තේ බන්දේසිය තිබූ තැනට යම් තරමක් එහාට වෙන්න රසකැවිලි බදුන තිබ්බේ ඔහුට මින් උතුමාණන් හට මුහුණ දීමට තාමත් නොහැකි වූ නිසා.
තේ බන්දේසිය කුඩා මේසය මත සකස් කළ ජින් නැවතත් ජිමින් දෙසට හැරුණේ මින් උතුමාණන්ගේ තේක සකස් කරන්න කියා ඔහුට නොකියා කියන ගමන්.
YOU ARE READING
永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴
Fanfictionමින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා. ජිමින්ගේ කුඩම්මගෙ ඉ...