05 කොටස

575 73 1
                                    

අද මන් උදේම ඉස්කෝලෙ ගියා.
මන් පන්තියට යද්දි ලමයි තුන්දෙනෙක් වගේ ඇවිත් හිට්‍යේ.
මන් අවසාන පේලියට ගියේ බෑග් එක තියලා සෙහස් එනකන් ගේට්ටුව පැත්තට වෙලා ඉන්න.

'Good morning'
දන්න පුරුදු කටහඩකින් එහෙම කියද්දි මන් හැරිලා බැලුවා.
තිසෙන් බෑග් එකත් එල්ලන් මන් දිහා බලන් ඉන්නවා.

ආ... Good morning
මාත් කිව්වා ඉතින්. හරි නෑනේ...

මන් වෙන මුකුත්ම නොකියා ඉක්මනට පන්තියෙන් එලියට යන්න හැදුවේ.

දෙව්මිත්....
තිසෙන් මට කතා කරා.

මන් හිටි තැනම නතර වුනා.
මන් දන්නේ නෑ ඇයි කියලා ඒත් එයා මගේ නම කියලා කතා කරද්දී මගේ ඇගේ කරන්ට් එකක් යනවා වගේ වෙනවා.

ඕ...

House Badge ගන්නේ කොහෙන්ද??
තිසෙන් ඇහුවා.

ආ... office එක එහාපැත්තෙ කාමරයක් තියෙනවා ඒකෙන්.

හරි.. thank you.

මන් එහෙම කියලා ඉක්මනට එලියට ආවා. ඇත්තටම තිසෙන් එක්ක සුහදව කතා කරන එක මට නිකන් අමුතුයි වගේ. මට තවත් එතන ඉන්න බැරි හින්දා තමා මන් ආවේ.

සෙහස් එනකන් ගේට් එක ගාවට වෙලා ඉදලා බෙල් කරාට පස්සේ මායි සෙහසුයි පන්තියට ආවා. එතකොටත් තිසෙන් ඉස්සරහ පේලියට වෙලා රුවිශාන් එක්ක කතා කර කර ඉන්නවා.

Interval එක වෙනකන්ම අපිට එක දිගට ඉගැන්නුවා.
Interval එකෙන් පස්සේ අපිට තිබ්බේ ඉතිහාසය පීරියඩ් එක.

ලමයි.. මන් ඔයාලගේ මාසික ඇගයීම විදිහට කන්ඩායම් බෙදලා රාජධානි ගැන පොතක් හදන්න දෙනවා. මන් කන්ඩායම් බෙදලා තියෙන්නේ register එකේ පිලිවෙලට. 10 දෙනා ගානේ කන්ඩායම් 5ක්.
මන් කන්ඩායම් වල ඉන්න අයගේ නම් කියවන්නම්. ඔයාලා පීරියඩ් එකේ ඉතුරු ටිකේ විස්තර කතා කරගන්න.
එහෙම කියලා මිස් නම් කියවන්න ගත්තා.

මගේ නම තියෙන්නේ register එකේ අවසානයගේ ඉදන් 3 වෙනියට. එතකොට තිසෙන් අලුතින් ආව හින්දා එයාගේ නම අවසානෙට. කියන්න හරිම සතුටුයි තිසෙනුයි මායි හිටියේ එක කන්ඩායමේ.

සෙහස්ගේ නම මුල හරියෙම තිබ්බ හින්දා සෙහස් පලවෙනි කන්ඩායමට වැටිලා තිබුනා.

My Dearest Neighbour Where stories live. Discover now