නම්ජුන්ගේ කෝල්ඩ් වොයිස් එක ඇහෙද්දි ජන්කුක් ගැස්සිලා ගියා. ජියොන් කියන නම බර කරලා කියද්දි ජන්කුක්ට හිතුනේ තවත් කරදරයක් එයාගේ පස්සෙන් පන්නන්න මඟ බලන් ඉන්නවා වගේ.
නම්ජුන් එක එල්ලේ ජන්කුක් දිහා බලාගෙන ඉද්දි ජන්කුක් ඇස් ලොකු කරන් නම්ජුන් දිහා එක පාරක් බැලුවා. ඒත් එකම එක පාරයි. ජන්කුක්ට බැරි වුනා නම්ජුන්ගෙ බැල්ම දරාගන්න. ඒ ඇස් ටේහ්‍යුන්ටත් වඩා භයානක පාටයි.
"මොකද්ද ප්‍රශ්නේ ජුන්? සර්නේම් එක මොකක් වුනත් ජන්කුක් දැන් කිම් කෙනෙක්! ඔයා මොකද ඒ ළමයාව බය කරන්නේ!? "
නම්ජුන්ගෙ පැත්තට හැරිලා නම්ජුන්ගෙ හස්බන්ඩ් ජින් ඇහුවා.ජින් දිහා බලලා ආයෙත් ජන්කුක් දිහා බලපු නම්ජුන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා ජන්කුක් ළඟට ගියා. බිම බලාගෙන ඉද්දි ජන්කුක් ඇස් කොනෙන් දැක්කා නම්ජුන් තමන් ළඟට එන බව. ඒත් ජන්කුක්ට හයියක් තිබ්බෙ නැහැ ඔලුව උස්සලා නම්ජුන් දිහා බලන්න.
නම්ජුන්ගේ කළු සපත්තු දෙක ජන්කුක් ඉස්සරහ නවතිද්දි ජන්කුක් එයාගේ මිනි ෆ්‍රොක් එක තද කරලා අල්ලගත්තා. ජන්කුක්ගෙ බැන්ඩේජ් කරලා තියන අත වගේම කකුල් වල තියන පොඩි සීරීම් පාරවල් දිහාත් නම්ජුන් එයාගේ ඇස් අරන් ගියා.
"මේ මොනවා වෙලාද ජන්කුක්" ජන්කුක්ගෙ බැන්ඩේජ් එකටයි සීරිම් පාරවල් දිහාවටයි ඇගිල්ලක් දික් කරන ගමන් නම්ජුන් ඇහුවා.
ඒත් ජන්කුක්ට බැහැ උත්තර දෙන්න ටේහ්‍යුන්ගෙ පර්මිශන් නැතුව උත්තර දෙන්න ගිහින් එයාට ආයෙත් ටේහ්‍යුන් රිද්දයි කියන බය නිසා ජන්කුක් එයාගේ ලිප්ස් හපාගෙන බිම බලාගෙනම හිටියා.
"ජන්කුක්!?" නම්ජුන් ආයෙත් ජන්කුක්ට කතා කරා.
"ආ.. මේ හියුන් මෙයා පඩිපෙලේ වැටුනා. ලොකු තුවාලයක් නෑ"
"මං ඔයාගෙන් නෙමෙයි ඇහුවේ ටේහ්‍යුන්. ඔයා කටවහගන්න! ජන්කුක්ට කතා කරන්න පුළුවන් නෙ!? "
ජන්කුක්ගෙන් අහපු ප්‍රශ්නෙට ටේහ්‍යුන් මැද්දෙන් පැනලා උත්තර දුන්නත් නම්ජුන්ට ඕන වුනේ ජන්කුක්ගෙන්ම ඒ දේ අහන්න.
YOU ARE READING
𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤 ✔
Fanfiction𝐇𝐞 𝐢𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐡𝐢𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are mentioned here. Don't judge their real lives by these characters. Top : Tae Bottom : Kook Taekook Fanfiction - Mature content ⚠️️ ...