3rd update for the day !! No proof reads 💀
" ඕක ඔතන නෙවෙයි අතනින් තියන්න "
" ඔබ යුන්ගියේ කාමරය අස් කලාද "
" බොහොම හොදයි මම තව ටිකකින් උතුමාණන්ගේ කාමරයට ජිමින්ගේ බඩු ටික අරගෙන යන්නම් "
" ජන්කුක් ඔබ ජිමින්ගේ ඇදුම බැලුවද "
" හවස් වෙද්දි ඇදුම පෙන්නුවේ නැත්තම් පොඩි ටේහ්‍යුන් කෙනෙක් බලන්න බැරි වෙයි ඔබට "
" කුමක් කරන්නද; ඔබ දැන ගනී රාත්‍රියේ ටේහ්‍යුන්ගේ වේග බට්ටා නෑ කියලා තේරුනාම "
" මේ අලුත් සුවද විලවුන් සහ රූපලාවණ්‍ය බඩු ටික ඔහුගේ කණ්ණාඩි මේසයෙන් තියන්න "
" අහ්හ් උතුමාණන්ගේ ඇදුම බොහෝම ස්තූතියි කිම් මහත්මයා "
මින් උතුමාණන්ගේ නිවසේ ශබ්දය සහ කලබලකාරීත්වය කොතරම්ද කියනවා නම් වෙනිදට ඉදිකටුවක් බිමට වැටුණත් ඇසෙන තරම් නිශ්ශබ්දතාවක් තිබූ නිවසේ අද මනුස්සයෙක් මරලතෝනි දුන්නා ඇහුනත් කාටවත් ඇසෙයි කියා හිතන්න බෑ.ඒ තරම් අද නිවස කාර්‍යබහුල උනා.
ජින් ජිමින්ට ඔහු විසින්ම සකස් කල අගනා ගනයේ අලුත් කිමෝනා සහ ඔහුට අවශ්‍ය කරන සියලුම දේවල් අලුතෙන්ම සකස් කර දැන් මෙ අරගෙන යන්නේ යුන්ගිගේ අල්මාරියේ ඔහුගේ කොටසේ පිළිවලකට තැබීමට.ඔහුගේ යට ඇදුම් සහ තවත් ඔහුට අවශ්‍ය කරන පෞද්ගලික දේවල්ද සියල්ලම ජින් එහි පිළිවලකට තිබ්බා.
යුන්ගිගේ විවාහයේ සියලුම දේවල් ඒ විදිහටම හරිම සම්පූර්ණ විදිහට කරන්න ජින්ට ඕනේ උනා.ඉතින් ඔහු ඒ වෙනුවෙන් කාටත් වඩා මහන්සි උනේ යුන්ගිගේ යහපත ඔහුට වඩා වෙන කිසිවෙක් ප්‍රාර්ථනා නොකරන නිසා.
YOU ARE READING
永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴
Fanfictionමින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා. ජිමින්ගේ කුඩම්මගෙ ඉ...