"අද පාර්ටි.." සීට් එකට ගියාම හැමෝම වට වුනේ මොකද වුනේ කියලා දැනගන්න..
"මචන් මුව පරාක්‍රම රෙකමන්ඩ් කරලා.. නව වෙනි ලෝක පුදුමේ යකෝ පරාක්‍රමගේ කටින් එහෙම එකක් අහන්න.." කලණ අපුර්වගේ පිටට සුභ පතන්න වගේ තට්ටුවක් දැම්මා..
"ඌහ්හ්.. නෙක්ස්ට් CFO.." ආක්ෂා ඩිස්නි ප්‍රින්සස් මූව්මන්ට් එකකින් අපුර්වගේ පැත්තට හැරිලා බව් කලා.
"අද හවස යන්ද එලියට..?" තව එකෙක් ඇහුවා..
"අනෙහ් අද බැහැ අද බැහැ.. මගේ කොරියන් සිරිස් එකේ ලාස්ට් එපිසෝඩ් එක. හෙට යන්.." ආක්ෂා ඔලුවට අත ගහගෙන හෙන ඩ්‍රාමා එකක් දැම්මා..
"එල හෙට යන්.. කොහොමත් හෙට සිකුරාදා නිසා කලින් යන්නත් දෙයි.." කලණ කිව්වා..
"දැන් මොකටද අපි මේ යන්නේ?" අපුර්ව හැමෝගෙම ඩ්‍රාමා ඉවර වෙනකන් ඉදලා ඇහුවා..
"මචන්.. උබ දන්නේ නැහැ උබ කොච්චර ලොකු වැඩක් කරලද ඇවිල්ලා ඉන්නේ කියලා.." රංග ඇවිල්ලා මෙසේ උඩට බර වුනා..
"පරක්‍රමට ප්‍රසන්ට් කරලා කී දෙනෙක්ගේ රස්සාව නැති වුනාද කියලා උබ දන්නවද?"
"පරාක්‍රම එනවා කිව්වමත් ඔෆිස් එකේ උන් උන්ට චූ යනවා.. එහෙව් එකේ උබ පලවෙනි දවසෙම ප්‍රසන්ට් කරලා රෙකමන්ඩේෂන් එකකුත් අරන් ආවා කියන්නේ ගිනස් එකට දාන්න ඕන යකෝ.." රංග කියාගෙන යනවා..
"ඒ නිසා අපි මේක සමරන්න ඕන.. හරිද පැට්ටෝ..?". ආක්ෂා අපුර්ව ලගට ඇවිල්ලා එක අතකින් අපුර්වගේ අතින් අල්ලාගෙන අනික් අත එයාගෙම ඔලුවට තියාගෙන අහක බලාගෙන ඩිස්නි මූවී එකක සීන් එකක් කළා..
"අපුර්ව..!!" ආක්ශාගේ රංගනය දිහා හැමෝම හිනා වේවි බලන් ඉන්න අස්සේ එක පාරටම හැමෝම ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවා..
"කැබින් එකට එන්න.." මිගාර ආක්ෂා අල්ලන් ඉන්න අපුර්වගේ අත දිහා රවාගෙන බලන් ඉන්නවා.
"සොරි.." ආක්ෂා මිගාරට එහෙම කියලා අත අතෑරියා.. (
ඒ මොකද්ද ඒ කිව්වේ. මොකටද මුට සොරි කියන්නේ..
අපුර්ව හිටපු තැනින් නැගිටලා මිගාර පස්සෙන් කැබින් එකට ගියා.. යන ගමන් මිගාරට ඇද කරලා ආක්ෂාට ඇහැක් ගැහුවා..
ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...