සෙනසුරාදා භවන් සචින් ඇවිල්ලා හවස Dutch Hospital පැත්තේ යන්න හිත හිටියත් භවන්ට ඔන්ලයින් ගෙස්ට් ලෙක්චර් එකක් සෙට් වුනා. ඒ නිසා අපුර්වයි සචිනුයි වෙනසකටත් එක්ක ගෙදර ඉව්වා. ඉව්වා කියන්නේ සචින් බලන් හිටියා අපුර්ව ඉව්වා. දෙන්නාම ගෙදර යන කොට ඉරිදා උදේ 1.30 විතර ඇති.
හවස 6 විතර වෙනකොට අපුර්ව ලෑස්ති වුනේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට යන්න. එයා හොදටම දන්නවා සචින්ගේ වැඩ මෙව්වා. ඉන්ස්ටග්‍රෑම් එකේ ෆලොවර්ස්ලා 500,000ක් හිටියට එයා එච්චර ෆේමස් නැහැ කියලා තමයි හිතන් හිටියේ. මොකද එයා දිනපතා ලයිව් යන්නේ නැහැ..
ෂුවර් එකටම මේ සචින්ගේ වැඩක්. ඌ දන්නා එකෙක්ට කියවලා මට කෝල් කරවන්න ඇති..
අපුර්වත් ඉතින් සැහෙන්න කාලයක් බෑ බෑ කිය කිය ඉඳලා අන්තිමට හා කියලා වැඩේ බාරගත්තා..
"Good evening Sri Lankaa.. It's your host for today, DJ Ranuk.." ප්‍රසන්ටර් වැඩේ පටන් ගත්තා.
"අද තියෙන්නේ Y ස්පෙෂල් ප්‍රොග්‍රෑම් එකක්. ස්පෙෂල් ආර්ටිස්ට් කෙනෙක් එක්ක. අපිට මෙයාව ගෙන්නගන්න හරියට කරදර වෙන්න වුනා. මොකද මෙයා පිළිගත්තේ නැහැ ගොඩක් Yfm listenersලා මෙයාව ගෙන්නන්න රික්වෙස්ට් කළා කියලා. ඒ නිසාම අපි අද එයාට පෙන්නන්නම කියලා හිතාගෙන අපේ facebook, instagram වගේම අපිට ආපු text messages එකතු කරන් හිටියා.."
එහෙම කියලා ප්‍රසන්ටර් අපුර්වගේ අතට ටැබ් එකක් දුන්නේ එයාව ගෙන්නන්න කියලා රික්වෙස්ට් කරපු මැසේජස් පෙන්නන්න. ඇත්තටම එයාට හිතාගන්න බැරි වුනේ එයා දිනපතා ඉන්ස්ටග්‍රෑම් ලයිව් යන්නේ නැති නිසා.. පහලට ස්ක්‍රෝල් කර කර බැලුවාම 1000ක් 2000ක්වත් මැසේජස් තියෙන්න ඇති.
"දැන්වත් පිළිගන්න අපුර්ව ඔයාව ලංකාවේ මිනිස්සු අදුරනව.." ප්‍රසන්ටර් අපුර්ව දිහා බලාගෙන කිව්වේ හිනා වෙලා.
"හරි මම හිතන්නේ මම දැනටමත් නම කියපු නිසා ඕගොල්ලන්ට අමුතුවෙන් අදුන්නලා දෙන්න ඕන නැහැ..අද Yfm Special Evening Show එකට අපි අරගෙන ආවේ අපුර්ව යාත්ර..
"අපි වැඩේ පටන් ගන්න කලින් අපුර්වගේ කවර් සෝන්ග් එකක් අහලම වැඩේ පටන් ගමු.."
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...