~~ආදරණීය වෛරය~~
(මෙහි සඳහන් චරිත හා ස්ථාන අදටත් සුප්‍රසිද්ධ අය හා තැන් බැවින් ඒ නම්-ගම් තරමක් වෙනස්ව කතාවට හානි නොවන පරදී යොදාගෙන ඇතිබව සලකන්න...)
ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්..... ඒ පුදුමාකාර ජීවිතයෙන් මට ලැබුනෙ වෙනස්ම විදියේ අත්දැකීමක්.... ඒ අත්දැකීම මගේ මුළු ජීවිතයම අංශක 360කින් කරකවලා අතහැරියා වගේ වෙනස් කළා. මගේ ජීවිතයේ සිද්ධවුන ඒ වෙනසට මම අදටත් 'ආදරණීයව වෛර කරනවා'.... මොකක්?.... ආදරණීයව වෛර කරනවා?.... ඔව්, ඔයගොල්ලන්ට ඇහුන දේ හරි.... ඒක තමයි මගේ ජීවිතය විග්රහ කරන්න සුදුසුම වචන කීපය. මම මේ කියන්න යන්නේ ඒ කථාව ගැනයි... මේ මගේ ජීවිත කථාවයි.
දකුණු කොරියාවේ සියොල් නුවර කුඩා නිවෙසක ජීවත්වෙන මම නමින් ඇන්ජලෝ.... දැනට මගේ වයස අවුරුදු 24යි. මීට අවුරුදු 06කට කලින් තමයි මම දකුණු කොරියාවට ආවේ. ඇත්තම කිව්වොත් කීපදෙනෙක්ගේ උදව්වෙන් තමයි මම මෙහෙට ආවේ. ඒ කීපදෙනා මට මෙහෙට ඇවිත් විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න උදව් කළා. අවුරුදු 18ක පුංචි කොලුගැටයෙක් විදියට කිසිම දෙයක් නොදන්න, කාගෙන්වත් හව්හරණක් නොතිබුනු මම මුලදී ඒ අයගෙන් යැපුනත් ජීවිතය තේරුම් ගන්න-තේරුම් ගන්න ඒ අයට කරදරයක් වෙන එක නැවැත්තුවා. විශ්ව විද්‍යාල ගාස්තු, ඇඳුම්-පැළඳුම් හා ඉඳුම්-හිටුම් ගාස්තු හොයාගන්න මට දවසකට අමතර රැකියා 3-4ක් කරන්න සිදුවුනා. ඒ හැම දෙයක්ම ධෛර්යයෙන් හා උපේක්ෂාවෙන් භාර ගත්ත මම අද වෙනකොට විශ්ව විද්‍යාල පරිඝණක උපාධිධාරියෙක්, සියොල් අගනුවර සුප්‍රසිද්ධ ආයතනයක සහයක මෘදුකාංග ශිල්පියෙක්....ඒ වගේම සියොල් අගනුවරින් මටම හිමිකමක් ඇති කුඩා එපාර්ට්මන්ට් නිවෙසක හිමිකරුවෙක්. මේ අවුරුදු 06ට මම පෞද්ගලිකව අත්කරගත්ත ජයග්‍රහණ ගොඩයි.... ඒ ගැන මට ආඩම්බරයි.... ඒත්?... ඒත් මම ඒ සතුට කාත් එක්ක බෙදාගන්නද දෙවියනේ?..... අන්න ඒ ගැන හිතෙනකොට මම කොච්චර නම් ලොකු පරාජිතයෙක්ද කියලා හිතෙනවා.
මම දැන් කියපු දේවල් නිකන් පැටලුණ නූල් බෝලයක් වගේ නේද?... මගේ ජීවිතය එක් අත්දැකීමකින් වෙනස්වුනා කිව්වා, ඒකට මම ආදරණීයව වෛර කරනවා කිව්වා, අවුරුදු 18 දී දකුණු කොරියාවට ආවා කිව්වා, අද වෙනකොට මම හොඳ තැනක ඉන්නවා කිව්වා, ඒත් ඒ කිසිම දෙයක් බෙදාගන්න කෙනෙක් මා ගාව නෑයි කිව්වා..... ඒක නම් ඇත්තටම පැටලුන නූල් බෝලයක් වගේ කථාවක්ම තමයි. මගේ ජීවිතය ඒ පැටලුන නූල් බෝලය නම් ඒ නූල් බෝලය ලෙහා ගන්න තැනකුත් තියෙන්න එපැයි..... මම ඒ පැටලුන නූල් බෝලය ලෙහන්නයි යන්නේ.... පැටලුම ලිහා ගන්න අදින් වසර 7කට එහාට යන්න වෙනවා.... ඔව්, අදින් හරියටම වසර 06කට එහාට.... එතකොට මට අවුරුදු 17 ලබන්න ඔන්න මෙන්න කියලයි තිබුනේ.....