සති දෙකක්ම ඉතිං විශේෂයක් නැතුව ගෙවිලා යන්න ගියා......අදත් ඉතිම් සුපුරුදු පරිදි කිරි කොක් පැටිය වගේ සනුක්ෂ පුතා ඉස්කෝලෙ යන්න ලැස්ති වෙන ගමන් තමයි ඉන්නෙ.......
සැක් දැනුයි මතක් උනේ ඊයේ දුන්න ගෙදර වැඩ ටික කළේ නෑ නේද...........
අයියෝ දෙයියනි...... ඇයි ඔයා වත් මට මතක් කළේ නැත්තෙ.......කළේ නැත්තෙත් සිංහල වැඩ අදනම් පුතේ කෑමක් තමයි ඉතිං තියෙන්නේ......
මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් නොවේවා.......කමක් නෑ දැන් ගිහිං මගේ පාප මිත්‍රයාගේ පොත ඉල්ලේගෙන ලියගන්නවා......
ඔක්කොමටම කලින් කෑම එකත් බැග් එකට දාගත්තා.....කෑම තමයි අංක එක.........ඉතුරුව පස්සට.....කොහොමත් ඔක්කොම අවසානෙට පස්සට තමා වෙන ඉතිං යන්න තැනක් නෑ නෙ.........
"අම්මියේ.....සූටි පුතා යනවෝ......අද හවස මියුසික් ප්‍රඇක්ටිස් තියෙනවා අද එද්දී පරක්කු ටිකක් පරක්කු වෙයි...."
"හරි පුතේ පරිස්සමින් ගිහිං එන්න.....එක්කන් යන්න එන්න ඕන නම් කියන්න..."
"අයියෝ එපා අනේ ....මන් එන්නම්..."
අම්මටත් යනවා කියාගෙන මම එන්න ආවා....ගෙදර ඉදන් ටවුන් එකට ලොකු දුරක් නෑ මීටර් සියක් වගේ තියෙන්නේ........ටවුන් එකට ඇවිල්ලා බස් එකක නැග්ගම කෙලින්ම ඉස්කෝලෙ ගාවින් බැස්සහැකි........
මන් ටවුන් එකට ඇවිල්ලා එහෙපැත්තට පාර මාරු වෙන්න බලන් මේ පය කාලක විතර ඉදන් ඉන්නෙ....
මොන මගුලක්ක්ද අප්පා මුන් එකෙක්වත් පාර පයින්න දෙන්නේ නෑ නෙ....
පරක්කු උනාම හරියට ඉස්කෝලෙට ගිහිං දානවා වගේ අයි යකු......පාර බලලා බලලා වහන අඩු වෙනකන් ඉදලා පැන්න.......
Peeeeeeeeeep
තව පොඩ්ඩෙන් පැන්න පැන්න තමා ආයා සනුක්ෂ උඹෙ කැලි තමා හොයන්න වෙන්නේ......
මන් පැනල තියෙන්නේ කලු පාට බෙන්ස් එකකට........වාහනේ බ්රේක් කරලා නවත්තුවා තව පොඩ්ඩෙන් මන් ඉවරයි.............ඔන්න වාහනේ නවත්තලා ඩ්‍රයිවර් කාරයා මේ පැත්තට එනවා.....මු මට වන්දියක් වත් දෙන්න එනවාද දන්නේ නෑ.......අනේ පුතේ සමාවෙන්න මෙන්න මෙක තියාගන්න කියලවත්......