"වීක්එන්ඩ් හම්බෙමු කිව්වට බං මං ඒකව දැක්කෙත් අද උදේ විතරයි... දුක හිතෙනවා බම්ලො..""හ්ම්ම්ම්හ්"
මේ ගෝතයා යන්න ආපු ඈනුමෙන්ම මට රිප්ලවි කරාම මම පයින් එකක් ඇන්නා... මොනවද අප්පා.. මට මෙව්වා කතාකරන්න ඉන්නෙත් මෙයාලා විතරයි.. මෙවුනුත් අහන්නෑ.. අරහෙ චූටිට මෙලෝ දෙයක් කියන්න බෑ.. ඒකා ග්හිං එයාගෙ මහාලොකු බොයිපෙන්ට කියනවනෙ... ඉතිං ශාක්‍ය අයියා දැනගත්තම හැම එකම ඉෂාන්ය අයියගෙ කනෙ... එක පාරක් මම කුස්සියෙ ඉඳං ෆ්රුට් සැලඩ් එකක් හද හද හෙන කයියක් දාගෙන හිටියා අයියා එක්ක... ඔය අතරෙ මම ඉෂාන්ය අයියයි එයාගෙ රූ වරුනාවයි ගුන වරුනාවයි ගැන ටිකක් කිව්වම.. ඒක එදා හවසම මගෙත් එක්ක මගෙ අර මනුස්සයා මටම කියලා පච කරා.. එහෙම ලැජ්ජයිනෙ මට... කොහෙද ඉතිං එව්වා කතාකල්ලා වැඩක් නෑ... ඉතිං මං දැං මගේ ආලය හා දුක ගැන කියන්නෙ බිනරට විතරයි.. ලොකුම හේතුව ඌට ඒක තව විනාඩි පහක් යන්නත් කලිං අමතක වෙන නිසා.. මගෙ එකා..
එක්සෑම් එක ඉවර වුනේ ඊයෙ... මට පුදුමාකාර නිදහසක් දැනෙනවා දෙයියූ... අනේ මං හිතංහිටියෙ මේක ඊයෙ ඉවර වුන්නැත්තං මම අංගොඩ යනවා කියලා.. ඇයි යුත්ත මට පිස්සු වගේ ඒ මගුල හින්දා... අනේ ගොඩ දවසකිං කතාකරෙත් නෑ ඉෂාන්ය අයියා.. ඉදලා ඉදලා අද උදේ එයා මට වීඩියෝ කොල් එකක් අරං මම දැං එම්බාම් කරපු මිනියක් වගේ සුදුමැලි වෙලා කියලා මගෙ රෑප සුභාවෙ ඇද කියලා මමත් එයාට හොඳට බැනලා මම ආයම චීත්තෙ වගේ අල්ලපු ගෙදර අයියාගෙ ගෙදට්ට අහුවුන ලව් එක ගැන කියවලාම එයාගෙන් ආයම අනුංගෙ මගුල් වලිං වැඩක් නෑ කියලා බැනුනුත් අහලා කෝල් එක කට් කලා... දැං ඇවිත් උදේ දහයට වගේ ඇති... මම තාමත් ඇඳේ... නැ නෑ මම කාලා නාලා ඉන්නෙ මෙහෙම හිටියාට... මම තව පැයක් විතර ඔහේ ඉඳලා පහළට යනවා...
"ඕයි අයියේ~"
"මොකද...?"
"අද කොහෙහරි යංකො කට්ටියම.."
"කතාකරන්න එපා මට ලබන මාසෙ විභාගයක් තියෙනවා."
"ආපෝ ඉතිං අද විතරනේ.. අනික තමුසෙ බොරුවටනෙ නහින්නෙ.. හැමපාරම හොදම මාර්ක්ස් ගන්-"
"හා හාආආ... කොහෙද දැං යන්න ඕනි? කාත් එක්කද?"
මගෙ කියවිල්ල ගැන අයියා දන්නවනෙ ඕනවටත් වඩා... හොඳ වැඩේ... නෑ මම හොඳ වැඩියි මුට... ඇයි රෙද්ද..
ESTÁS LEYENDO
කෝමා 🫀 <<completed>>
No Ficciónඑයාලා කියනවා ඒවා ඇත්ත නෙමෙයිලු.. එහෙම දේවල් වුනේ නෑලු.. මං මවාගත්ත දේවල්ලු.. ඒත් ඇයි මේ..? ඇයි එයාලා බොරු කියන්නේ..? "මිනිස්සු කියනවා බය කියන්නෙ නරක හැඟීමක් කියලා... නෑ එහෙම නෑ... බය.. මට නං බය කියන්නෙ මම ජීවතුන් අතර කියලා කියන හැඟීම..." -කෝමා- - Pl...