🌹 රෝ ස 🌹
..
..
..
..
මගෙ මැණික.. ම්ම්ම්ම් එහෙනම් පරිස්සමට යන්න රත්තරන්..
මූහුක්....
අනේ මැණික ඔය ඉතින්... කෝ නාඩා ඉන්න.. ඔයා අඩද්දි කොහොමද මන් හිත හදාගෙන යන්නෙ කියන්නකෝ....
ඒනම් නොයා ඉන්න....
වෙලාව හවස තුනත් පහු වෙලා... ගොඩාක් හවස් වෙනකල් ඉන්න අමාරුයිනේ... කරුමෙට වත් කායී ගෙදර ආවොත් යැංසිලා ගෙදර යන්න කලින් එතන විසුමක් වෙන්නෙ නෑ... මරාගෙන කන්න හදයි මේ කෙල්ලවයි පොඩි එකාවයි...
යන් මල්ලි.. අපි ආයේම එමුකො මෙහෙම... දැන් යන්...
මට සුදූ අයියා එක්ක යන්න ඕනේ...
සේරම දරා ගන්න පුලුවන්.. මෙන්න මේ පුංචි එකා ගෙදර නොයා තමන් ලග ඉන්න ඕනා කියද්දි තමයි දරා ගන්නම බැරි.. එයා එච්චරටම ආදරෙයි.. එයාට දාලා යන්න බෑ කියලා ලෝභ හිතෙන්න තරමටම යීබෝ ඒ පොඩි එකාට ආදරේ දීලා ඉවරයි...
ජීවිතේ ලගම ඉන්න පිරිමි දෙන්නගෙන්ම වෙනස්කම් විතරක්ම වෙද්දි ශාන් ලන් උනේ මේ දුප්පත් මිනිස්සු දෙන්නට.. ඉතින් ඒ මිනිස්සු දෙන්නා ශාන්ට නොසෑහෙන්න ආදරේ දුන්නට පස්සෙ ශාන් හොයන්නෙම ඒ මිනිස්සු දෙන්නා ඉන්න තැනකට යන්න...
පිරිමි පපුව හරිම උණුහුමයි... ඒ පපුවට ලෝභ උනාම ඒ පපුවෙන් ගැලවෙන එක කරන්න හරිම අමාරුයි.. ඒකයි ගෑනූ ගොඩක් වෙලාවට තමන්ගෙ මිනිහගෙ පපුව අස්සෙ ආදරේ හෙව්වෙ...
ඉතින් ගෑනූ විතරමද.. පිරිමියෙක් උනත් ශාන්ට යීබෝ නොසෑහෙන්න ආදරේ දෙද්දි ශාන් යන්න උත්සහ කරයිද.. නෑනේ.. එයා බලන්නෙම ඉන්න විතරයි... ආදරේ කියන්නෙ එහෙම දෙයක්.. ලෝභ හිතෙන දෙයක්.. අතෑරගන්න බැරි දෙයක්...
මමා මැණිකට ගොඩක් දේවල් කියලා නේද එව්වෙ... අපි දැන් යමු චූටියෝ...
ඒ උනාට එයාට තේරෙන්නෑනේ මගේ දුක... මට සුදු අයියව දාලා යන්න බෑනේ....
ශාන් ඇඩිල්ල නවත්තන්නෙ නැතුව යීබෝගේ බෙල්ලත් හප හප කියද්දි ජියා නම් යීබෝගේ දිහා බලන් හිටියේ දැන් මොකද කරන්නෙ කියලා අහන්න වගේ...
YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐ℤ ✓
Fanfictionඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yz Fanfiction Love &Romance story 💚❤️