⏳ 7 වන කාල ගමන ⌛

161 19 1
                                    

❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

' මගේ ජීවිතය ඇත්තටම නීරසයි. මාද නීරසයි.  මට අතීතය ට යා හැකි නමුත් මට එය වෙනස් කළ හැකි වේද ?'

ඔහු කොරිඩෝව දිගේ ඇවිදින ගමන් සිතන්නට විය.

" ඒත් ඇත්තටම කවුද මේ අපරාධ කරන්න ඇත්තේ ? ඒකව හම්බුනොත් මම ඌව මරලා දානවා "

ඔහු තනියෙන් මුමුනන්නට විය.

අද 2019 වසර වුවද යීබෝ තාම 2009 කෙනෙකු මෙන් ජීවත් වෙයි. ඔහුගේ දුරකථන ය පවා ඒ කාලයට ගැලපෙන එකක් විය.

......................................................

⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛

24.09.2011.................

" මම හිතන්නේ එයා අවදි වෙනවා. "

" ඔව් එයාගේ ඇස් පිහාටු හෙලවෙනවා. "

" Mr. Wang Yibo. Mr. Yibo ඔයාට මාව ඇහෙනවද? "

යීබෝ හිමින් තම දෑස් විවර කරන්නට විය. ඔහුගේ ශරීරය හා ආත්මය ලෝක දෙකක සිට නැවත එක්වූවා මෙන් දැනෙන්නට විය.

" Oh thank you God. එයාට සිහිය ආවා. Doctor මෙයාව admit කරපු කෙනාට කතා දැනුම් දෙන්න. "

" හරි "

යීබෝ මේ කතාව අහගෙන සිටියද, ඔහු නැවත නැගිටීම ගැන ඔහූ සතුටු නොවීය.

' මම මැරුණාම්, මට ඔයාව හම්බවෙන්න තිබ්බා '
වන්ග් යීබෝ සිතන්නට විය.

.... " වන්ග් යීබෝ. අනේ ඔයාට දැන් හොඳයි. "
ඒ ඔහුගේ මිතුරිය ෂියන් ෂාවෝ විය.
ඇය සතුට වැඩි කමට ඔහුව වැළදගෙන හඬන්නට විය.

" මොකද වුණේ? "
වන්ග් යීබෝ බලාපොරොත්තු රහිත හැඟුමකින් වන්ග් යීබෝ ඇසීය.

" මොකද වුණේ කියන්නේ? "
ෂියන් යීබෝ දෙස බැලුවේ ඔහු කියු දේ තේරුම් ගත නොහැකි බැල්මකිනි.

" ෂියාඕ මහාචාර්ය තුමා. එයාට මොකද වුණේ? "

" ඔයා... ඔයා ඒක ගැනද හිත හිත ඉන්නේ ? අනේ වන්ග් යීබෝ ඔයා අවුරුදු දෙකක් ඇඳට වෙලා හිටියා. ඔයාට මේ අවුරුද්ද මොකක්ද කියලා නෙවෙයි ද දැනගන්න ඕන. "
ෂියන් යීබෝ ට බැන වැදුනේ ඔහු ගැන තිබූ ආදරය නිසා ය.

⏳කාල ⌛ ( Completed )Where stories live. Discover now