<<< Autumn leaves 🍁

44 9 5
                                    

ගිනි ගහන මද්දහනෙ ග්‍රීස්මෙන් ඈත්වෙලා පොඩි සනීපයක් හොයාගෙන මන් ආවෙ හරි සාරෙට වැඩුණ උසම උස ගහ යට තියෙන ගල් බංකුව ලගට ... මේපල් ගහක් යට මගේ නිල නොලත් ලේඛන මධ්‍යස්ථානය...  සරත් ඍතුවෙන් බැට කාපු ගිනිකන දුඹුරු පාට මේපල් කොළ තමන්ගෙ ආදරණීයන්ව අතඇරලා යන්න ලෝභකමේ වගේ බිම පුරාම අමුතුම රටාවක් මවලා විසිරිලා ගිහින්...... දුඹුරු පාට පලසට දෙවෙනි නොවෙන්න යාර තුන හතරකට එහායින් තියෙන විල සරත් ඍතුවේ ග්‍රීස්මෙ එක්ක සීතල හාමු කරලා අමුතු සනීපයක් ගේන්න අසම්මත ආදරේක පටලැවිලා...හීතලයි උනුහුමයි කලවම් වුන නිල් පාට වතුර උඩ පීනන හංස ජෝඩුව ! මගේ නාමකරණයට අනුව නම් උන්ටම ආවේණික වුන ගෙල පටලාගැනීමේ නර්තනයක් !  ලිංග භේදය ගැන ප්‍රශ්නයක් තිබුන නිසාම මන් හරි සාධාරණ විදිහට උන්ට නම් දැම්මා.. වෙලාවකට ඒ ජෝඩුව හැන්සල් සහ ග්‍රේටල්  තවත් වෙලාවකට රෝසි සහ ඩේසි  ඒත් මගෙ හිත ඇදිලා ගියේම ලූකා සහ ඇල්බර්ට් කියන නමට....
කැනේඩියන් ඩොලර් හයකට ගත්තු මැකින්ටොශ් ඇපල්  ඉර එලියත් එක්ක තව තවත් දිස්නෙ ගහනවා... ස්වභාවධර්මෙ එක්ක ආත්මීය ගණුදෙනුවක් තියෙන තරුණ නවකතාකාරයෙක්ට සරත් ඍතුවේ හැලෙන මේපල් කොළයක් , ප්‍රේමෙන් වෙලෙන සරාගී හංස ජෝඩුවක් , රතු පාටට දිලිසෙන ඇපල් ගෙඩියක් දැක්කම හිතට අවංකව එකම එක අකුරු  හතරක් හීන් හිරියක් එක්ක හදවතට නොදැනුනෝතින් ඒක මොන පුදුමයක්ද ???

ඉතින් තව ටික කාලෙකින්ම ආයුශ ඉවර වෙලා යන්න නියම වුන කෝපි කහට පාට ගැහුන අලුත්ම පිටුවකට මන් තීන්ත පෑනෙන් තව අලුත් වචනයක් එකතු කරා  "ආදරය"

Sidewalk painted, color red
Leaves are taking final breaths
Something's different, something's new
Something's better, I think it's you

Air so cold you can see your breath
Jacket weather, take my hand
See October in your eyes
Feels like I just stepped outside

And I'm falling, falling, falling, falling, falling
And I keep falling, falling, falling, falling, falling
Isn't that just like autumn?


සාමකාමි විදිහට ගෙවිලා ගියේ  පොඩිම පොඩි විනාඩි ගාණක් ... කිසිම හිතක් පපුවක් නැති එකෙක් ගාණට බිම වැටුන මේපල් කොල පාගගෙන මගේ පැත්තට දුවගෙන ආවෙ හුරුබුහුටි පිරිමි ලමයෙක් ... මේපල් කොළ වලට කරන අසාධාරණේ නිසාම මන් එයාට  කිසිම හුරුවක් නැති රැවීමක් කරත් මන් හිතන්නෑ  ඒ පිරිමි ලමයට අඩුම මන් දිහා බලන්නවත් වෙලාවක් තිබ්බද කියලා .. ඒ තරම් හදිස්සියකින් එයා මාවත් පහු කරන් ගිහින් නැවතුනේ ටිකක් එහයින් තිබුන රෝස පදුරක් ලග ... මට මතකයි ගිය වසන්තෙට ඒ රෝස පදුරේ පුලුන් වගේ සුදු රෝස පිපිලා තිබුනා ... අද ඒ ඔක්කොටම හරියන්න රෝස පදුරත් මේපල් කොල වලින් වැහිලා ගිහින් තියෙද්දි මන් දැක්කා අර පිරිමි ලමයා හොර ඇහින් මන් දිහා බලනවා... ඊටත් පස්සෙ ලග තියෙන වේලුන ගස් දිහා බලනවා.. ඊට පස්සෙ රෝස පදුර පහුරුගානවා...

ᥫ᭡ 𝘼𝙪𝙩𝙪𝙢𝙣 𝙇𝙚𝙖𝙫𝙚𝙨 🍁🔗🤍Where stories live. Discover now