Hyunjin pov
එදා පාටි එකෙන් පස්සෙ මන් felix එක්ක හරියට කතා කරේම නෑ . මොකක් දෝ හේතුවකට මට එයත් එක්ක කතා කරන්න ඕනි නෑ කියලා හිතුනා . ගෙදර ඉදන් ඉස්කෝල්ට එනකම් ම එයා මගෙත් එක්ක කතා කරන්න උත්සහ කරත් මන් කරෙ එයාව මගහරින එක .
පන්තියට ආවයින් පස්සෙත් මට දැනුනා එයා මගෙ දිහා බලන් ඉන්නවා කියලා. එයාට ඕන උනෙ මගෙත් එක්ක කතා කරන්න . ඒත් මට ඕන උනෙ එයාව මගහරින්න . ඒත් ඇයි ! ඇයි මන් එහෙම කරන්නෙ ?
කවදාවත් නැති විදිහට මට දැනෙන්න ගත්තා මන් නිකන් හරියට අතරමන් වෙලා වගෙ හැගීමක්. මොකද මට එදා රෑ වෙච්ච දේ අමතක කරන්න බෑ. Felix ට අමතක උනත් මට ඒ වෙච්ච දේ අමතක කරන්න බෑ .ඒ සිද්දියෙන් පස්සෙ මට තවදුරටත් felix ව මගෙ යාලුවෙක් විදිහට දකින්න බෑ . ඒත් මට ඒක එයාට කියන්නත් බෑ . මොකද මන් එහෙම කරොත් සමහරවිට මට felix ව සදහටම නැති වෙයි.
වැඩ වගයක් තියෙනවා කිව්ව නිසා club එකට ආවත් මට හිතුනෙම felix ගැන. එදා එහෙම දෙයක් නොව්නනම් සමහර විට මට කලින් හිටපු විදිහට ම ඉන්න තිබුනා . ඒත් දැන් තත්වෙ වෙනස් .
Club එකේ වැඩ ටිකත් ඉවර කරලා මන් යන්න හැදුවෙ පන්තියට . ඒත් යනකොට මට දකින්න ලැබුනෙ නම් මන් කොහොමටවත් බලාපොරොත්තු
උන් නැති දෙයක් .Felix pov
මන් yuji ට කතාකරන්න හදනවත් එක්කම එයා මගෙ කම්මුලට ගැහුවා. ඒත් එක්කම මට ඇහුනා hyunjin ගෙ කට හඩ .
" YUJII! "
මට තාම හිතාගන්න බෑ මොකක්ද උනෙ කියලා . මන් දැක්කා ලමයි හැමෝම මන් දිහා බලන් ඉන්නවා . කම්මුලට අතත් තියන් මන් බැලුවෙ yuji දිහා.
" Yuji තමුසෙට මොකද වෙලා තියෙන්නෙ " hyunjin ඇහුවෙ තරහයින්. ඊටපස්සෙ එයා හැරුනෙ මන් දිහාට.
" felix ". Yuji නිසා රතු වෙලා තිබ්බ මගෙ කම්මුලට එයාගෙ අත් දෙක තියලා මට කතා කරා . ඒ කියන්නෙ මන් තවදුරටත් අදුර්ශමාන නෑ . දැන් ටික්කට කලින් මන් කියලා කෙනෙක් නැති ගානට හැසිරුන ඔයාට එක පාරට මොකද උනෙ hyunjin !!
" තමුසෙ ! ඔයා දැන් මට එහෙමද කතා කරන්නෙ hyunjin "
" ඇයි ඔයා මෙහෙම වෙනස් උනේ . ඔයා කලින් ඔහොම නෑ ." yuji කතාකරත් hyunjin වචනයක් වත් කතාකරෙ නෑ .
YOU ARE READING
Our Happy Ending
Short Story" ආදරය කියන්නෙ කලාවක් hyunjin. මගෙ හදවත හැමදාම තියෙන්නෙ ඔයා ලග, මං දිව්රලා කියන්නම් . ඒක වෙනස් වෙන්නෑ සත්තයි "