12 කොටස

2.5K 327 13
                                    

"යාත්‍ර කැන් යූ හෙල්ප් මි විත් ද කැබින්.." ජිතේන්ද්‍ර මොනවදෝ කාඩ් බෝර්ඩ් පෙට්ටි ගොඩක් අතේ තියාගෙන අපුර්වගේ පිටිපස්සේ හිටගෙන

"ආක්ෂා දන්නවා ඩෙකෝස් එහෙම කරන්න හොදට.. අපුර්වට ඕන වුනේ ඒකෙන් බේරෙන්න. ඉතින් එහෙම කියද්දී ආක්ෂා පිටිපස්සේ ඉඳන් මනමාල හිනාවක් දාගෙන ඇහැක් ගැහුවා.

"නෑ ඔයා එන්න.. ජිතේන්ද්‍ර මන් ගාවින් එහාට යන ගමන් කිව්වා.." ආක්ෂා කටත් ඇද කරගෙන පුටුවෙන් එහා පැත්තට හැරුනා.

මොකද්ද ඒ පාර මෙයාගේ කැබින් එක..

අපුර්ව ජිතේන්ද්‍ර යන දිහාව බලන් හිටියේ මොකද්ද කැබින් එක කියලා දැනගන්න.

වෙරි නයිස්. කදිමයි..!! මිගාරගේ කැබින් එක එහා පැත්තේ එක. අපුර්වගේ සීට් එක ඒ දෙකටම මැද්දේ ඒ පැත්තට මුණ දාලා තියෙන්නේ.

මේ මොන කරුමයක්ද කඩන් වැටුනේ මගේ ඇඟට..

ජිතේන්ද්‍ර ඇතුලට ගිහින් අපුර්වට අතින් ඇතුලට කතා කළා.

"යස් ජිතේන්ද්‍ර.."

"කෝල් මී ජිත්.. ඔයාට මගේ නම සැහෙන්න කියන්න වෙනවා අනාගතේට.. ඒ නිසා දැන්මම ජිත් කියන එකට පුරුදු වෙන්න..."

"ඕකේ.. වට්ස් අප්??"

"මම කැබින් ඩෙකෝස් වගයක් තෝරලා තියනවා මට හරි එකක් තෝරාගන්න උදවු කරන්න ප්ලීස්?"

"මම ඇත්තටම දන්නේ නැහැ ඩෙකෝස් ගැන.. ඉන්න මම ආක්ෂාව කතා කරන් එන්නම්.." ජිතේන්ද්‍ර ආයෙත් මොනවත් කියන්න කලින් අපුර්ව ආක්ශාගේ සීට් එකට ගිහින් එයාව  ඇදගෙන ආවා.

එතනින් පස්සේ ජිතේන්ද්‍ර වැඩිය ඩෙකෝස් ගැන උනන්දුවක් පෙන්නුවේ නැහැ. ආක්ෂා මහා ලොකු වැඩක් කරනවා වගේ ජිතේන්ද්‍ර දුන්න කොළ ටික එහෙ මෙහෙ පෙරල පෙරලා මොනවද පෑනෙන් ලියනවා. අපුර්ව වටපිට බැලුවේ මිගාරගේ කැබින් එක දිහා. සීට් එක හිස්.  ඒක දැක්කම එයාට  පුදුම පාළුවක් හිතට ආවා.

ආආහ්හ්හ්හ්හ්... ඔන්න මගේ කණ රතු වෙනවා. රෙද්දක් මේ කන..

එක පාරටම ජිතේන්ද්‍රගේ කැබින් එකෙන් එලියට යන්න බැරි නිසා  ආක්ෂා ලඟට වෙලා බොරුවට ඒ කොළ වල මුණ ඔබාගෙන හිටියා.

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora