13 කොටස

2.7K 314 36
                                    

"මම කෑම හදන්නද?" මිගාර ෆ්‍රිජ් එක අවුස්සා අවුස්ස්ස ඇහුවේ ඒකෙ මොනවත් කන්න දෙයක් තිබුනේ නැති නිසා.

"දන්නවද?"

"ම්ම්..?"

"කෑම හදන්න දන්නවද?"

"නැහැ..""අනේ පින්සිද්ද වෙයි ඕඩර් එකක් දාමු.. නැත්තම් මට මැරෙන්න වෙන්නේ ඇලජික් එකකින් නෙමෙයි ෆුඩ් පොයිසනින්ග් වලින්.." අපුර්ව හිනා වේවි කිව්වේ මිගාර තොලත් පවුට් කරන එයා දිහා බලන් ඉද්දි.

අපුර්වට ඇත්තටම මිගාර පවු හිතුනා. මුණේ තිබ්බේ මහන්සි පාටක්. තව මහන්සි වෙයි කියලා හිතද්දී එයාට දුකක් හිතුන. ආදරේකටවත් මොකකටවත් නෙමෙයි මේ.. මේ.. මනුස්සකමට.

මිගාර අපුර්වගේ ෆෝන් එක අරගෙන uber eats එකෙන් කෑම එකක් දැම්මා. ඒක ඉවර කරද්දීම ආපු කෝල් එක මිගාර අපුර්වගේ පැත්තට දික් කලා. අදුරන්නේ නැති නම්බර් එකක්.  ඇඳේ හාන්සි වෙලා හිටපු විදිහට ෆෝන් එක කනේ තියාගන්න කම්මැලි හිතුන නිසා ලවුඩ් ස්පිකර්ස් ඔන් කළා.

"හෙලෝ.."

"යාත්‍ර.." නම කියද්දීම කවුද කියලා අඳුරගත්තා.

"හෙලෝ.. කවුද මේ?"

"ඇයි මගේ කටහඩින් අඳුරගන්න බැරිද?"

"කටහඩින් අදුරගන්න ඔයා ජෝතිපාල නෙමෙයිනේ..?" අපුර්ව කියපු එකට මිගාරගේ කටින් හිනාවක් පැන්නා. මිගාරත් දැනටම දන්නවා කවුද කියලා.

"ජිත්.."

"ඔහ්.. ජිතේන්ද්‍ර.. ටෙල් මී.. සොරි මට අඳුරගන්න බැරි වුනා.." මිගාර හිටියේ අපුර්වගේ අල්මාරියේ මොනවදෝ බල බල. හැබැයි මිනිහගේ කන් දෙක තිබුනේ කෝල් එකේ.

"ඒක නම් ටිකක් බොරුවකුත් වගේ.." ජිතේන්ද්‍ර කිව්වේ හිනා වේවි.

"ජිතේන්ද්‍ර කෝල් කලේ??"

"ගෙදරට එන පාර අහගන්න..." ඒකට මිගාර ගැස්සිලා අපුර්ව දිහා බැලුවා.

"ඔහ්.."

"ඇයි එපාද?"

"නැහැ අවුලක් නම් නැහැ.. හැබැයි මේ වෙලාවේ නම් මට පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන වගේ ජිතේන්ද්‍ර.. හෝප් යූ කැන් අන්ඩස්ටැන්ඩ්.."

ස්නේහ | CompletedOnde histórias criam vida. Descubra agora