"කැහ් කැහ්....."
කැස්සත් එක්කම අමු අමු ලේ කැලි කටින් නහයින් එලියට එද්දි ඇගෙ පනක් නැතුවම මම බිම වැටිලා හිටියා. මගෙ දිහා හිනා වෙන ගමන් බලන් හිටිය ලොකු මැනිකේ ෆයිල් එකක් එක්ක ෆොර්ම් වගයක් මන් ලගම බිම තියලා එයා අතේ තියෙන මොකක්දෝ මන්දා බොතලයක් මට පෙන්නන ගමන් ඇගිලි දෙක්කින් අක්ලන් කැරකුවා.
"උබ දන්නවද..... උබේ අම්මා මන් ආදරෙ කරපු මිනිහාව උදුර ගත්තා..... ඒ මදිවට එකිගේ මහා ලොකු අයියව මට බන්දලා දිලා..... මගෙ නංගි කෙනෙක් වගෙ බොරුවට රග පැවා...... හහ්......"
ලොකු මැනිකේ මන් ලගින් බිම ඉදගෙන මගෙ මුනට එයාගෙ ඇගිල්ලක නියපොත්තක් තද කරන ගමන් කිව්වේ ඒ වෙදානවට මගෙ ඇස් දෙක පියවෙලා තද වෙද්දි.
"එත් මම එකිට එකිගේ ආදරෙ..... චැහ් චැහ් මගෙ ආදරෙ ලබා ගන්න දුන්නෙ නැ..... උබ දන්නවද උඹේ අප්පා..... ඒ කිව්වේ මගෙ අයියා උබගෙ අම්මා එපා කියලා කැ ගහලා අඩද්දි වද දිදි එකිව පාවිච්චි කරේ..... එකිට එහෙම වෙන්න ඔනි යකෝ..... මගෙ ආදරෙ උදුර ගත්ත එකිට එහෙම වෙන්න ඔනි......"
"ම....ගේ....අම්මා.....ඕ...ඔයාගේ.....ආදරෙ......උදු කැහ් කැහ්...... උදුර ගත්තේ නැ......ඔය.....යි කැහ් එයාගෙ ආදරෙ......ඌහ්.....උදුර ගත්තේ....."
කැස්සත් එක්ක කෙලයි ලේයි මගෙ කටින් බෙරිලා වැක්කෙරෙද්දි අමාරුවෙන් වචන ගැට ගහත්ත් මන් එහෙම කිව්වේ මෙච්චර වෙලා වියරුවෙන් වගෙ හිනා වෙවි වෙවි හිටිය ලොකු මැනිකේගෙ මුන හිනාව නැති වෙලා තව තව වියරු වැටෙද්දි. මගෙ කම්මුලට තද කරන් හිටිපු ඇගිල්ල අරන් එයා මගෙ මුනම ඒ නියපොතු තියෙන අත් වලින් මිරිකලා අල්ල ගත්තේ නියපොතු වලට මගෙ මූන සිරිලා වෙදනා දෙන්න ගද්දි.
"මොකක්ද උබ කිව්වේ ආ..... මොකක්ද උබ කිව්වේ!!....... ආය කියපන්.... මම උබේ අම්මගෙ ආදරෙ උදුර ගත්තා කියලද කිව්වේ...... හහ් හහ් හා..... වෙන්න ඇති යකෝ...... එහෙම වෙන්න ඇති..... මොකද මේ නාද්‍යාට හිත ගිය දෙයක් ලැබෙන්නෙ නැත්තම්...... ඒ දේ වෙන කාටවත් ලැබෙන්නවත් මම ඉඩ තියන්නෙ නැ යකෝ......"
මගෙ කම්මුල එයාගෙ අත් වලට කිටි කිටියේ තද වෙද්දි මම වෙදනාවෙන් එයා දිහා බලන් ඉදියේ එයා දත්මිටි කන ගමන් මගෙ මුනට පහත් වෙලා කැ ගහද්දි.
YOU ARE READING
සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫