15 කොටස

2.6K 292 27
                                    

අපුර්ව වාහනේට නැගලා ජිතේන්ද්‍ර ගේ ගෙදරින් වාහනේ එලියට දාල පාර්ක් රෝඩ් එක ගාව පොඩ්ඩක් නැවැත්තුවා. අන්තිම වතාවට කියලා හිතලා මිගාරට කෝල් එකක් ගත්තා. ෆෝන් ඕෆ්. එහෙමම චැට් එක ඕපන් කලේ මැසේජ් සීන් කරලාවත් තියනවද බලන්න. සීන් කරලා 3.27ට. ඇයි රිප්ලයි කලේ නැත්තේ. අපුර්වගේ මුළු හිතම දැන් නොසන්සුන්. මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි තැන සචින්ට කෝල් එකක් ගත්තා.

"කියපන්.."

"සචින්.."

"අඩෝ.. මොකෝ කේස් එක.."

"මචන්.."

"කියපන් යකෝ මොකද.."

"අද දවසටම මිගාර මැසේජ් කලෙත් නැහැ ෆෝන් එකත් ඕෆ්.."

"ආහ්හ්.... මට ටික වෙලාවක් දීපන්.. මම උඹට ආයේ ගන්නම්.."

සචින් කෝල් එක කට් කළා. ඌ වැඩක වෙන්නැති. වට්සැප් වලින් කෝල් එක ගත්ත නිසා සචින් ලංකාවේද ඉන්නේ කියලවත් අපුර්ව දන්නේ නැහැ.

උන් වුනත් මගේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්න බැඳිලා නැහැනේ..

අපුර්ව ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳලා ස්ක්‍රීන් එක ඕෆ් කළා. එහෙමම ස්ටියරින් වීල් එකට ඔලුව ගහගෙන විනාඩි පහලවක් විතර හිටියේ ඔළුවම හිරි වැටිලා ගිහින් නිසා. කෝල් එකක්. භවන්.!!

"උඹ ඉන්න තැන ලොකේෂන් දාපන්.."

"පාර්ක් රෝඩ්.. වැල්ලවත්ත.."

"ඕන හුත්තක් ලොකේෂන් දාපන්.."

ඕන නම් තව විනාඩි 20ක් ගෙවිලා යන්න ඇති. සචින් භවන් ටුක් එකක ඇවිත් අපුර්වගේ වාහනේ ඉස්සරහින් බැස්සා. සචින් ටුක් එකට සල්ලි දෙන අතරේ භවන් වාහනේ දිහාවට ඇවිදගෙන ආවා

"උඹට වාහනේ ගන්න පුලුවන්ද? මං ගන්නද?" අපුර්ව අතකින් නළල මිරිකගෙන ඉන්නවා දැකල භවන් ඇහුවා.

"......."

"බැහැපන් මම ගන්නම්.." භවන් වාහනේ දොර ඇරගෙන බහින්න කියලා අතින් කිව්වා.

"උඹ පිටිපස්සට නැගපන්.." අපුර්ව වාහනෙන් බැහැලා පැසෙන්ජර් සීට් එකට මාරු වෙන්න යද්දී සචින් ඇවිත් පැසෙන්ජර් සීට් එකේ ඉඳගත්තා.

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora