04 වන පරිච්ඡේදය

2.8K 380 148
                                    

අවැසි නම් විමසන්න
ඉරුනු තැන් නොපෙනෙන්න...

මසා නිමකල හදවතක්
විකිනිමට තිබේ...
මඟදි හමුවු වෙදදුරෙක් මෙය
පිලිසකර කර තිබේ....

මසා නිම කල හදවතක් විකිනිමට තිබේ... ගංගාධරගේ සිංදුවක් මුමුනන ගමන් හිටිය මට කොල්ලා කතා කරා... කියන දෙයක් ඇහෙන්නෙත් නෑ

" කාලා ද ඉන්නේ "

" නාන්නේ කොහොම කොල්ලෝ බයික් එකේ යන ගමන් "

මේ අව්වේ බයික් එකේ යන ගමන් නාන්නේ කොහොමද... කට්‍ට අව්වේ ඉදලා ඒ පාර මෙකාගේ මොලෙත් කර වෙලා ද කොහෙද... ප්‍රින්සිපල් සර්ට කිව්වා නම් හරි සිතල වතුර එකක බස්සලා තියන්න කියලා පැයක් විතර...

" කාලා ද කියලා ඇහුවේ "

" මන් උදේ නැවා දරුවෝ... දැන් නාන්න බෑ ආයේ හෙට තමා "

කොල්ලා ආයෙත් මොකක් හරි අහන කොට කෑ ගැහුව මන් උත්තර දුන්නා... මොනා අහනවාද කියන්න දෙයියෝ තමා දන්නේ හැබැයි මට ඇහෙන්නේ ම නාලා ද කියලා... නාන්න බෑ ආයේ උදේ නෑවනේ එක පාරක්...

" ගලවපිය ඔක නාලා ද කියලා ආහ් නෑ නෑ කාලා ද කියලා ඇහුවේ "

" නැ හැබැයි ඇයි පුතාට බඩගිනි ද "

බයික් එක නතර කරපු කොල්ලා මගේ පැත්ත හැරිලා හෙල්මට් එක ගැලෙව්වා වගේ ම කාලා ද ඇහුවා... ආහ් එක ද ඇහුවේ... නැ හැබැයි තාත්තා එක්ක ඉන්න කොට කාපු කඩචොරු විතරයි ඉතින්...

" කිව්වා නේද ඔය පුතා මගුල කියන්න එපා කියලා "

" හරි බන් හරි... දශ්මිර දැන් හරිනේ බඩගිනි ද "

එකාට පොඩ්ඩ බෑ තද වෙනවා ගෙදර මිනිස්සු කොහොම ඉන්නවා ද කියන්න දෙයියෝ තමා දන්නේ...

" ම්ම් "

" එහේනම් ඔය මොකක් හරි කඩේකින් නතර කරනවා ද "

" හ්ම් "

අනේ පණු පැටියා... එයා බයික් එක රෙස් කරලා යනකොට මන් වට පිට බැලුවා... මෙහෙට හුරු වෙන්න ඔනා ඉක්මනට නැත්නම් තනියම කොහෙවත් යන්නත් බැරි වෙනවා... මොකද බෙත් ගන්න උනොත් ඩොක්ටර් කිව්වත් මේ කොල්ලාව යවන්න පුළුවන් ද

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now