16 කොටස

5.1K 481 34
                                    

අද මොකද්ද සිද්ද වුනේ?"

අපූර්ව නිහඩතාවය බින්දා.

"බබා.. මගේ ඔලුව රිදෙනවනේ.."

"අතගාන්නද?"

"පුලුවන්ද?"

"එන්න.."

අපුර්ව ඇඳ කොනෙන් වාඩි වෙලා කොට්ටයක් උකුලට තියාගෙන මිගාරට එතනට එන්න කියලා අතින් පෙන්නුවා. මිගාරගේ කොන්ඩේ දාඩියට තෙත් වෙලා තිබුනේ. කොන්ඩේ අතරින් ඇගිලි අරගෙන යනකොට මිගාර සනීපෙට ඇස් පියාගත්තා. ටික වෙලාවකට කලින් සැහෙන්න කලබල වෙලා හිටපු මනුස්සයා දැන් අත දරුවෙක් වගේ අත් දෙකත් පපුව උඩ උණ්ඩි කරගෙන හරිම සන්සුන් තාලෙට හුස්ම ගන්නවා දකිද්දී අපුර්වට අමුතුම සැනසිල්ලක් හිතට දැනුනා.

"සීයා මාස තුනක බිස්නස් ට්‍රිප් එකක් ගියා.." මිගාර ඇස් දෙක අරින්නේ නැතුවම කිව්වා.

"හ්ම්ම්.. දන්නවා.."

"කවුද කිව්වේ??"

"ශාක්‍ය.."

"හ්ම්ම්.."

"ශාක්‍ය ලත් මේවා දැනගෙන මුකුත් නොකර ඉන්නවද??"

"ඒගොල්ලෝ දන්නේ නැහැ.."

"එහෙනම් අද දවල් මට කිව්වේ ඔයාගෙන්ම දැනගන්න කියලා.."

"ම්හ්හ්.. දන්නේ නැහැ.. මායි මෙවන් අතරයි ලොකු සම්බන්දයක් නැහැ කියන්න දන්නවා.. පරාක්‍රම නැති වුනාම මම විලා එකේ තනියම වැඩිය ඉන්නේ නැහැ කියන්න දන්නවා.. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නවා කියලා මම හිතන්නේ නැහැ.. මම දන්නේ නැහැ.. මම කියලා නැහැ.."

"හ්ම්ම්.."

"සීයා ලංකාවෙන් ගියා කියලා දැනගෙන මෙවන් අද උදේ ආවා විලා එකට.."

"හ්ම්ම්.."

"මම එයාට කේන්ති ඇවිස්සෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් කාමරේට වෙලා හිටියා.."

"ඇයි එයාට ඔයාව දැක්කමත් තරහ යනවද..?"

"හ්ම්ම්.. මම හුස්ම ගත්තත් එයාට ඒක වදයක්.."

"..........."

"ඔ..ඔයා.. ගැන මගෙන් ඇහුවා.. මම මුකුත්ම කිව්වේ නැහැ.. ආයේ ආයේ ඇහුවා.. මම කටවත් ඇරියේ නැහැ.. ඔයා මහසෙන් කරුණාරත්නගේ පුතා නේද කියලා කෑ ගහලා ඇහුවම මට තව කට පියන් ඉන්න බැරි වුනා.. එයා ඔයා ගැන හොයාගෙන බබා.. ඒක හොද දෙයක් නෙමෙයි.. මම එයාට අත් දෙක එකතු කරලා වැඳලා කිව්වා ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා.."

ස්නේහ | CompletedWhere stories live. Discover now