17 කොටස

2.3K 294 5
                                    

I'll pick you.. Will be there around 7.15.. 6.15ට විතර මිගාරගේ මැසේජ් එක එද්දිත් අපුර්ව ඔෆිස් ඇවිල්ලා ඉවරයි..

හම්මට කියන්න අමතක වුනානේ.. දැන් ඉඳීවි ඇවිල්ලා මුණ හතරට පලාගෙන..

Mama office ekene 😬" වෙන මොනවා කියන්නද.

මැසේජ් එක සීන් කරලා මිගාරගෙන් රිප්ලයි එකක් නැහැ. හරි වගෙයි අද.ඇත්තටම අපුර්වට මිගාරට කියන්න අමතක වුනාමත් නෙමෙයි. ජිතේන්ද්‍ර මැසේජ් එක දාල තිබ්බේ අද උදේ 4ට විතර. මැසේජ් එක දාලා විතරක් නම් කමක් නැහැ  ඇහැරෙනකන්ම කෝල්ස් අරගෙන තිබ්බා. ඔෆිස් එකේ වැඩක් කියලා එන්න කිව්වම මොකෝ  බැහැ කියන්නයැ..

ප්‍රොජෙක්ට් ටීම් එකම එනවා කිව්වට මොකද අපුර්වයි ජිතේන්ද්‍රයි විතරයි ඇවිත් හිටියේ. ජිතේන්ද්‍ර ගේ කැබින් එකට වෙලා බලන් හිටියේ අනිත් අය එනකන් කියලා අපුර්ව හිතාගෙන හිටියේ. ඊයේ ජිතේන්ද්‍ර එක්ක වෙච්ච දේවල් නිසා අමුතුම අපහසුතාවයක් අපුර්වගේ හිතේ තිබුනත්, එයා එක නොපෙන්වා ඉන්න තීරණය කළා. වෙච්ච කිසිම දෙයක් කතා නොකර ඉන්නත්, ජිතේන්ද්‍ර කතා කලොත් මග අරින්නම් කියලත් තමයි හිතාගෙන හිටියේ.

"අනිත් අය කෝ..?" අපුර්ව ජිතේන්ද්‍ර ගෙන් ඇහුවා.

"එයි.. මම මැසේජ් දැම්මා හැමෝටම.. දැකලා නැද්ද දන්නේ නැහැ.."

"කෝල් කලේ නැද්ද..?"

"නැහැ.."

මූ යකෝ මාව 4යි ගානකට නැගිට්ටලා. කොටියම කන්න ඕන මුව..

"ඊයේ කට්ටියට කිව්වා නම් ඉවරයිනේ.."

"ඊයේ මම හොඳ සිහියකින් හිටියේ නැහැනේ.." ජිතේන්ද්‍ර අපුර්ව හිතුවා වගේම කතාවට මග පෑදුවා. ඉතින් අපුර්ව මුකුත්ම නොකියා ලැප්ටොප් එක දිහා බලාගත්තේ කතාව දිගට ඇදගෙන යන්න නොදී.

"ප්‍රොජෙක්ට් කික් ඕෆ් එක ප්ලෑන් කරන්න ඕන.." කලින් කියපු දේට උත්තරයක් නැති නිසා ආයෙමත් ජිතේන්ද්‍ර කතා කළා.

"මාකටින් එකෙන් නෙමෙයිද ඒක කරන්නේ..?"

"තමයි.. අපි ප්ලෑන් කරලා කියන්න ඕන.. ඒගොල්ලෝ ඉතුරු ටික කරයි"

"හරි.. කවද්ද අපි දාගන්නේ..?"

"ඒක තමයි මාත් මේ බලන්නේ.. මේ මාසේ අන්තිමට..?"

ස්නේහ | CompletedWhere stories live. Discover now