18 කොටස

2.2K 263 4
                                    

සති දෙකක්ම වගේ ගෙවිලා ගියේ ප්‍රොජෙක්ට් එකේ කික් ඕෆ් එක ප්ලෑන් කරන්න. සමහර දවසට රෑ දහය එකොළහ වෙනකන් වැඩ. මිගාර එහෙම දවසට එයත් ඉන්නවා අපුර්ව  වැඩ ඉවර වෙනකන්. මේ සතියෙම ජිතේන්ද්‍ර සැරින් සැරේ එක එක මගුල් නටලා  මිගාරව අවුස්සන්න හැදුවත් අපුර්ව ඒක මොනවාම හරි ක්‍රමයකින් නැවැත්තුවා. පොඩි එවුන් දෙන්නෙක් එක කේක් කෑල්ලක් බෙදාගන්න බැහැ වගේ මුන්ගේ රණ්ඩු කවදා වෙනකන් බේරන්නද කියලා අපුර්වටත් හිතාගන්න බැහැ. කොයි වෙලේක හරි ජිතේන්ද්‍ර ඉල්ලන් කනවා මිගාරගෙන්.

අපුර්ව ඒ අතර ඉඩක් හම්බුනාම සයිකැට්‍රිස්ට්ලා බැලුවා. භවන්ගෙන් රෙකමන්ඩේෂන් කීපයකුත් ගත්තා. ප්‍රොජෙක්ට් එකේ වැඩේ ඉවර වුන ගමන්ම මිගාරව ඇදගෙන යන්න ඕන කියලා අපුර්ව මතක තියාගෙන හිටියේ..

වෙලාව රෑ 10.30යි. හෙට හවස තමයි ෆන්ෂන් එක. මිගාර පේන්න නැහැ. ජිතේන්ද්‍රත් කැබින් එකේ නැහැ. අපුර්වගේ ඔලුව ටිකක් රිදෙන්න ගත්ත නිසා ටික වෙලාවක් ඔලුවට අත් දෙක ගහගෙන මේසෙට බර වෙලා හිටියා. ටික වෙලාවකින් හෙමිට ඔලුව රිදිල්ල අඩු වුන නිසා ෆෝන් එක අතට ගත්තේ මිගාරට ගෙදර යමු කියන්න. බෑග් එකත් අරගෙන සීට් එකෙන් නැගිටලා මේසෙට හේත්තු වෙලා මිගාරට මැසේජ් එකක් ටයිප් කළා.

Let's go home..?

මැසේජ් එක ටයිප් කරද්දීම ඩබලම එනවා දැක්කා. ජිතේන්ද්‍ර ඉවරයක් නැතුව මොනවදෝ කියවනවා මිගාර අත් දෙකම සාක්කුවට දාගෙන හරිම සන්සුන් විදිහට ඇවිදගෙන එනවා.

අනේ මගේ බෝ පැලේ දෙවියනේ! දෙන්නා ගජ මිතුරෝ කියලා දකින එකෙක්ට හිතෙන්නේ. අනේ මුන් දෙනා ගැනම මම නොදන්නවායැ..

"යාත්‍ර.. යන් මම ඩ්‍රොප් කරන්නම්.."

මූටත් නිකන් ඉන්නම බැහැ අර මනුස්සයගේ ප්‍රෙෂර් නගන්නේ නැතුව..

"නෑ ජිතේන්ද්‍ර යන්න. එනිවේ මම යන්නේ එහෙ පාස් කරන්.. අයි කැන් ඩ්‍රොප් හිම්.."

"බැහැනේ මිගාර.. යාත්‍ර එක්ක මට සිනමන් එකේ ඩෙකෝස් කන්ෆර්ම් කරන්නත් තියනවනේ. යාත්‍ර යන්.. හරි අප්.."

අපුර්ව දැන් මේකට මොකද්ද දෙන්න ඕන උත්තරේ කියලා හිතාගන්න බැරුව ඉද්දි මිගාර හිනා වෙලා ඔලුව වැනුවා යන්න කියන්න වගේ..

ස්නේහ | CompletedWhere stories live. Discover now