Meen - 07 🐬

580 77 4
                                    

"නැගපං..."

"උඹ පලයන්...මම එයාට කියන්නම්...."

"ඇයි උඹට ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නෙ කාර් එකක් ඩ්‍රයිව් කරොත් විතරද ?
මගෙ යකා අවුස්සන්නෙ නැතුව නැගපං...!!"

"උඹ පලයන්..."

"හොදින් කියන්නෙ උඹ නගිනවද ? නැද්ද ?"

"........................................"

"එයා බලාගෙන ඉන්නවා උඹට පේනවද ?"

"............................................"

"අහපං , මට මෙතන පිස්සුවක් නටන්න බැරි කමක් නෑ කියලා උඹ දන්නවනේ..
මන් මෙච්චරවත් ඉවසුවෙ ඒ වයසක ගෑණු කෙනා නිසා...මොකද මම උඹ වගේ නෙමේ...!!
උඹ- "

දැන් නැග්ගෙ නැත්තම් මේ කියවිල්ල නවතින්නෙම නෑ..ප්‍රොෆෙසර් ඩී ඩී හෙල්මට් එක අරන් බයික් එකට නැග්ගෙ ඒ එක්කම...

"ඈතට වෙලා ඉදගනින් මට උඹව ඇලජික්...."

එයා ඒ කතාව කිව්වෙ ඇයි කියන්න ප්‍රොෆෙසර්ට තේරෙන්න ඕනි...

ඇත්ත.. මුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ත්‍රිලක්ෂ ! එහෙම අහගෙනත් ඇයි උඹ තව මේකෙ ඉන්නේ..ඒ ඇස්..ඔව් මැඩම් සියෝරාගෙ මූණ..දුර කාර් එක ළගට වෙලා බලාගෙන ඉන්න ඒ අහිංසක මූණ දැක්කම දැනෙන හැගීම ඊට වැඩියි..ඔව් ඉවසපන් !
හිත එහෙමම උත්තර බැන්දා..

ඒ මූණ තමයි ත්‍රිලක්ෂට තිබුණ එකම සැනසීම..එකමම සැනසීම !! ඉතින් එයා වෙනුවෙන් දරාගන්න බැරිද ?

............,

විදත් එයාගෙ බයික් එකෙන් මෙච්චර දුර වෙන කෙනෙක් එක්ක ආවමද කොහෙද..හැබැයි ඒ වාසනාවට උරුම වුණේ කොල්ලට පෙන්නන්නම බැරි අවාසනාවන්තයා වෙච්ච එකයි අවුල !

කොල්ලට තියෙන්නෙ BMW නිව් වර්ශන් බයික් එකක්..ඒක එයාට අප්පච්චිගෙන් හම්බුණ වටිනම තෑග්ගක්....

බයික් එකේ පැත්තක ලොකුවට ගහලා තියෙන්නෙ ' HANSANADITHYA ' කියලා..මේවා තමයි ඉතින් හංසනාදිත්‍යය පවුලෙ වත්කම්...

ගාල්ලෙ ටවුන් එකේ ඉදන් සෑහෙන්න දුර ආවත්  මුහුදට අගක් කොනක් නෑ කියන්න යන්නෙ කොහෙද  මුහුද එතනමයි...එහෙම වෙන එකෙත් පුදුමයක් නෑ....එයාලා ඉතින් සාගර දෙයියන්ගෙන් වරම් ගත්ත අයනේ...

මීන් | MEEN Where stories live. Discover now