19 කොටස

2K 261 11
                                    

"මිගාර.." අපුර්ව කන්නාඩියෙන් එයා දිහා බලලා හිනා වුනාට මිගාර ඒ  ඇස් දෙක මග ඇරලා බිම බලාගෙන පිටිපස්සෙන් ඇවිත් හිටගත්තා..

"ඔයාට මට මොනවා හරි කියන්න තියෙනවද..?"

හුටා.. දැන් නම් මට අසනීපයි කියලා නම් කීයටවත් කියන්න බැහැ පුතේ.. මගේ කනට දෙකක් ගහලා මාව හොස්පිටල් ඇදගෙන යයි..

"ම්න්න්.. න්.. නැහැ නේ.."

"මුකුත්ම නැහැ..?"

"ම්ම්.. දන්න තරමින් නම් නැහැ.."

"මම නොදන්න ගමනක්..?" මිගාර තවමත් පිටිපස්සෙන් හිටගෙන බිම බලන් ඉන්නවා ඇරෙන්න අපුර්වගේ  ඇස් දිහා බැලුවේ නැහැ..

"අහ්හ්.. දැන් ටිකකට කලින් ජෙරාඩ් මෙන්ඩිස් එකට ගියා.. කේක් එක අමතක වුනානේ ඒයී.." අපුර්ව බිම බලාගෙන ඉන්න මිගාරගේ ඇස් දිහා බලාගෙන කිව්වා..

මිගාර තව ටිකක් ලඟට ආවේ අපුර්වගේ වම් උරහිස එයාගේ පපුව දකුණු පැත්තේ වදින තරමට ලං වෙලා.. ඒ හුස්ම බෙල්ලේ වැදෙනවා අපුර්වට දැනෙනවා.. මිගාර හෙමිට අපුර්වගේ වේස්ට් කෝට් එකේ සිග් සැග් ක්‍රමේට තිබ්බ බෙල්ට් එකට අත ගෙනිච්චා..

"අපුර්ව..! මම හොදින් දෙයක් අහද්දී.. හොදින් එකට උත්තර දෙන්න.." හෙමිට වේස්ට් කෝට් එකේ සිග් සැග් බෙල්ට් එක තද කරන ගමන් මිගාර කිව්වා.

"...................."

"මට මොනවා හරි දෙයක් කියන්න තියනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද..?" තවමත් වේස්ට් කෝට් බෙල්ට් එක හෙමින් හෙමින් ඇඟට තද වෙනවා..

අසනීප එක මෙයා දන්නවද..? ඇඟ හෝදලා තවම ටික වෙලාවයි නිසා ඇඟේ රස්නේ මෙයාට දැනෙන්න විදියක් නැහැ දැන්මම..

"ම්හ්හ්.."

මිගාර හොඳ හුස්මක් ගත්තා.. ඉණ ළඟ තියාගෙන හිටපු අත් දෙක ඇඟට තද වෙනවා අපුර්වට දැනුනා..  කන්නාඩියෙන් මිගාර දිහා බැලුවම නළලේ නහරයක් ලාවට ඉල්පිලා තිබුනා.. කේන්ති ගිහින්ද..? එහෙම වෙන්න දෙයක් වුනේ නැහැනේ..

"මම උපරිම හොඳින් මේ අහන්නේ අපුර්ව යාත්‍ර කරුණාරත්න..!"

"ඉතින් එහෙම මුකුත් නැහැනේ.."

ස්නේහ | CompletedTahanan ng mga kuwento. Tumuklas ngayon