"මේක වුණ ගමන් පතරොමක් බැඳලා තිබුණෙ හොඳ වෙලාවට. නැත්තන් තත්වෙ මීට වඩා දරුණු වෙන්න තිබුණා." මොනා වුණත් මයෙ අප්පේ හරි සීදේවි දොස්තර මහත්තයා... ඔහොම කියද්දිනුත් හිනාවෙලා කතා කරන්නෙ. අන්න එතකොටනං එක කම්මුලකුත් වළ ගැහෙනවද කොහෙද!
නැහ් නැහ්! එව්වා මොකටද මට!
"එතකොට දැන් මේ මල්ලි ස්පෝර්ට්ස් කරන කෙනෙක්නම් ටික කාලෙකට පරිස්සම් වෙන්න වෙනවා හරිද? නෝමල් ඉන්ජර් එකක් නෙවෙයි මේක ටිෂූ එක ඇදිලා වගේ පෙනුනට, දැක්කනෙ එක්ස් රේ එකෙන්, බෝන් එක පැනලා තියෙන්නෙ. දැන් ආයෙ හරි ගැස්සුවත් ටික දවසක් දුවන්නෙ පනින්නෙ නැතුව ඉන්න ඕන. හරිද මල්ලි?" දොස්තර අයියා මගෙ උරිස්සකටත් අත තියලා අහද්දි මං ඉතින් ලෝකෙ ඉන්න සීදේවිම කොල්ලා වගේ හිනාවකුත් දාලා ඔලුව වැනුවා...
බොරු කියන්නෙ මොකටද, වළලුකර පැනලය කියලා එකම යුද්ධයයි මෙතන ඒක හරිගස්සන්න ඉස්සෙල්ලා... මේමයි, මට පොඩ්ඩක් කෑ ගැහුණෙ නෑමයි කියන්නත් බෑ... අපිත් මිනිස්සුනෙ ඉතින්. එවෙලෙත් මං කලින් දා වගේම නිලමෙගෙ අත තදින් අල්ලගත්තු හන්දද මන්දා දැන් අතත් රතු කරගෙන පැත්තකට වෙලා ඉන්නවා ඕං. සමාවෙන්ටෝන, ඒත් අපෙ නිලමෙ දැනගන්ට එපායැ මේ නිලමෙ කරගැහුවෙ කොටි පැටියෙක්ට විත්තිය!
"පසඳුල් මල්ලි, එහෙනම් වැඩේ ඉවරයි ඔන්න. මේ කොළේ ලියලා තියෙනවා ප්ලාස්ටර් එක අයින් කරන්න එන්න ඕන ඩේට් එක. එදාට ආවාම ඇති. කොල්ලට කකුල තෙමාගන්න දෙන්න එපා" මට එහා පැත්තෙන් හිටගෙන උන්නු නිලමෙට දොස්තර අයියා කතා කරලා එහෙම කියන ගමන් මොනාද මොනාද කුරුටු ගාපු කොළ තොගයක් නිලමෙගෙ අතින් තිබ්බා... මං අත් දෙකත් බැඳන් කල්පනා කළේ මාව ඔච්චර බලාගන්න මං පොඩි බබෙක්ද කියලා...
"අහ් හරි මේ දවසෙ නේ එන්න ඕන. අපි එන්නම්කො. තෑන්ක් යූ සෝ මච් අයියෙ. එහෙනම් අපි ගිහින් එන්නම්." නිලමෙ දොස්තර අයියට අතට අත දීලා එන්න ලෑස්ති වෙනකොට මමත් දොස්තර අයියට හිනාවක් පා කරලා යැව්වා... මොනා වුණත් සීදේවි අයියා... නැද්ද මං කියන්නෙ?
"නාත්, තනියෙන් නැගිටින්න පුළුවන්ද?" නිලමෙ මුකුත් නොදන්න බබා වගේ අහන හැටි විතරක්! අම්මපා...! නැගිටින්න පුළුහන් නං මෙතන ඉඳන් ඉන්නෑනෙ! මේ පත ගල් ප්ලාස්ටරේකුත් අලවලා දාලා! දැන් ඉස්සෙල්ලා වගේ කකුල එක හමාරකින්වත් හිටගන්න බෑ මගුල!
VOUS LISEZ
ලන්දේ උකුල උඩ | Sinhala BL
Fiction généraleපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...