"ඕය දොර අරින්න."
..................................................................
මම කියනවාත් එක්ක එයා බයෙන් බයෙන් දොර ඇරියා.
ඩෝං.....
" අනේ අයියේ"
එයා කෑ ගහගෙන ඇවිල්ලා මට තුරුල් වුණා. අනේ පව් හොදටම බය වෙලා. අද එයාගේ උපන් දිනේ මට ඕන උණේ එයාට මතක හිටින දෙයක් කරන්න.
" මොකෝ මේ පුස් පැටියෙක් වගේ ම් "
" අනේ අයියේ මොකක්ද ඒ ශබ්දය අනේ මට බයයි "
" කෝ ඉතින් ඇස් ඇරලා බලන්න කෝ ඔහොම හිටියම පෙන්නේ නැහැ නේ "
මම එහෙම කියන ගමන් එයාව මගේ තුරුලෙන් ඇත් කලා. එයා හැරිලා බලද්දි මම දැක්කා ඒ ඇස් දිලිසෙනවා. ඒයා අයේ මට තුරුල් වුණා.
" කෝ ඉතින් අඩන්න නම් බැහැ ඔන්න ම් "
" මම හිතුවේ ඔයාලට මගේ උපන්දිනේ අමතක වෙලා කියලා "
" පිස්සුද සුද්දා අපිට එහෙම අමතක වෙනවද මේ අපේ පොලොස් කොට්ටෝරු අයියා තමයි කිව්වෙ උබව පුදුම කරමු කියලා "
අපේ එකා එහෙම කියන කොට ආදී බැලුවේ මගේ දිහා මම ඔව් කියන්න වගේ ඔලුව වැනුවා. ඔව් ඉතින් මට ඕන වුණා මේ උපන්දිනේ අමතක නොවන උපන් දිනයක් කරන්න .
" අඩලා ඉවර නම් එනවද කේක් කපන්න"
ඒ පවනි නංගී අපේ එකා කියලා තියන විදියට නම් තනිකර කොල්ලෙක් වගේලු ඉන්න බලන්නේ. එත් අපේ පවනි දිහාවට ආශාන් ගේ ඇහැ යනවා වැඩිඩ මන්දා . අපි බලමු කෝ .
පවනි අඩ ගැහුවට පස්සේ මගේ වස්තුව මගේ දිහා බලලා කේක් කපන්න සරසලා තිබ්බ තැනට ගියා.
YOU ARE READING
𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌
Документальная прозаසූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤🌻