ජිතේන්ද්‍ර අපුර්වත් අරගෙන එතනින් අරන් යනකොට ශාක්‍ය ඒ දිහා බැලුවේ දුකෙන් වගේ. භාතියට මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව වගේ හිටියේ.
"යාත්‍ර ආ යූ ෆිලින්ග් ඕකේ..? මොකද්ද වුනේ.?" ජිතේන්ද්‍ර හෝල් එකේ කෙරවලම තියන පුටුවක ඉදගන්න ගමන් ඇහුවා...
තවම ඇඟට පන නැති නිසා අපුර්ව මුකුත්ම නොකිය ඔලුව මේසේ උඩින් තියාගත්තා..
"මෙතන ඉන්න මම බෙහෙත් මොනවා හරි ගේන්නම්.." ජිතේන්ද්‍ර නැගිටලා ගියා..
අපුර්වට දැන් ගෙදර යන්න ඕන.. තව විනාඩියක්වත් මෙතන ඉන්න බැහැ කියන තීරණේ එයා හිටියේ. ඒ නිසාම ෆෝන් එක අරගෙන උබර් එකක් දැම්මා.. ඇස් දෙකම බොඳ වේගෙන එනවා දැනුනත් අමාරුවෙන් මේසෙන් නැගිටලා හෝල් එකෙන් එලියට ආවේ හොටෙල් එන්ට්‍රන්ස් එක දිහාවට යන්න.
Your uber is here! විනාඩි පහක් විතර යද්දී ෆෝන් එකට ආපු නොටිෆිකේෂන් එක දිහා බලන් හිටපු අපුර්ව ටුක් එකට කෝල් එකක් අරන් එන්ට්‍රන්ස් එක ගාවට එන්න කිව්වා.
"සර් කොහෙටද..?"
"ලොකේෂන් දාලා තියෙන්නේ.." විස්තර කරන්න පන නැති නිසා අපුර්ව එහෙමම ඔලුව තියාගන්න හැදුවේ.
"ෆෝන් එකේ මැප් වැඩ නැහැ සර්.. සොරි.."
"හැව්ලොක් සිටි.. එඩ්මන්ටන් ටවර්.." කියද්දීම එයාට මේක මීට කලින් වෙලා තියනවා වගේ මීටර් වුනා..
කවද්ද..? ඇයි මට මේ හැම එකම අමතක..? මේ වගේම සිද්දියක් වුනේ කවද්ද..? මම මේ වගේම ලොකේෂන් එක කිව්වා ලගදි ටුක් එකකට.. කවද්ද ඒ..?
සිද්දිය කවදද වුනේ කියලා හිත හිතා එද්දී එයාට එහෙමම නින්ද ගිහින් තිබුනා ටුක් එකේ.
"සර්.. සර්... ස්..සර්.." කාගේදෝ කටහඩේ සද්දෙකින් අපුර්ව ගැස්සිලා ඇහැරුනා..
"ලොකේෂන් එකට ආවා සර්.. සොරි නින්ද ගිහින් නේද හිටියේ.." ටුක් එකේ මල්ලි අහිංසක මුණක් දාගෙන කියනවා..
"අවුලක් නැහැ.. තැන්ක්ස්.. කාඩ් පේමන්ට් දාලා ඇත්තේ.." අපුර්ව ටුක් එකෙන් බහින ගමන් කිව්වා.. නින්ද ගිය නිසාද කොහෙද පොඩ්ඩක් ඇඟේ අමාරුව අඩු වෙලා කියලා එයාට දැනෙනවා.
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...