මිගාරව දැකපු ගමන් අපුර්වගේ ඇස් ගැස්සුනා.. එයා ඇවිල්ලා හිටියේ කියාරා එක්ක. ජිතේන්ද්‍ර හිටියේ දොරට පිටිපාලා නිසා එයාට කිසිම දෙයක් පෙනුනේ නැහැ.. වෙච්ච දේවල් දැන් දන්න නිසා මිගාර දිහා ඔලුව උස්සලා බලන්න තරම් ශක්තියක් අපුර්වට තිබුනේ නැහැ. ඒ නිසාම ඔලුව බිමට හරවගත්තා.
"මට මෙහෙම කරන්නෙපා අපුර්ව.. මාව පිස්සෙක් වෙලා යයි.. මට පුළුවන් ඔයාව බලාගන්න. මිගාරටත් වඩා හුඟක් හොදට.." ජිතේන්ද්‍ර අපුර්වගේ අනික් අත උඩින් එයාගේ අනිත් අතත් තියාගත්තා.
අපුර්වට එක පාරටම බැලුනේ මිගාර දිහා. ජිතේන්ද්‍ර අල්ලන් ඉන්න අත් දෙක දිහා මිගාර බලන් හිටියේ ඇස් අහකට ගන්නේ නැතුව. එක අතක් සාක්කුවට ගෙන හිටියත් නිදහස් අත මිට මෙලවෙනවා එතන ඉන්න ඕනම කෙනෙක්ට පේනවා... අපුර්ව හෙමින් අත් දෙක අරගෙන උකුල උඩ තියාගත්තා.
මම කොහොමද මේ පටලැවිල්ල මිගාරට පැහැදිලි කරන්නේ..? මොකක් කියලද කියන්නේ? එයාගේ අම්මා තාත්තාට බය වුනා වගේ මාත් එයාට බයෙන් ඉන්නේ කියලද කියන්නේ මම? ජිතේන්ද්‍ර ව කිස් කලේ නැහැ කියලා කියන්නේ කොහොමද මම..? ඇයි මේ කිසිම දෙයක් වුනා කියලා මගේ හිත පිළිගන්න අකමැති? මම පිළිගත්තත් නැතත් ඒ දේ වෙලා ඉවරයි..
"චූටි අයියා.." ජිතේන්ද්‍ර ව දැකලා එතනට ආවේ කියාරා.
"චූටි ඔයා මොකද මෙහෙ..?" ජිතේන්ද්‍ර කියාරා දිහා බැලුවේ ඉක්මනට මුනේ තිබ්බ ඉරියව් ටික වෙනස් කරගන්න ගමන්.
"අපි වෙඩින් ෂොපින් යනවා.." කියාරා පිටිපස්ස හැරිලා මිගාරව පෙන්නුවා.
ආහ්..?? මට ඇහුනා හරිද? මිගාර එච්චර ලේසියෙන් මාව අතැරලා දැම්මද? එදා කියාරාව බඳිනවද කියලා ඇහුවම නැහැ කිව්වේ බොරුවටද එහෙනම්?? මගේ එක වැරැද්දකට සමාව දෙන්න බැරි තරම් ඔයාට මාව එපා වුනාද මිගාර?
"ආහ්.. ලොකූ එක්ක..? පුදුමයි එයා ආවා ඔයත් එක්ක යන්න.." ජිතේන්ද්‍ර කිව්වේ කැෂියර් එක ළඟ බිල් කරගන්න මිගාර දිහා බලාගෙන.
"ම්හ්හ්.. අනේ මේ එයා කැමැත්තෙන්ම ආවේ නැහැ.. එන්න බැහැ කිව්වාම මම මාමාට කිව්වා... ඊට පස්සේ ආවා මෙයා හොර පූසා වගේ.."
BẠN ĐANG ĐỌC
ස්නේහ | Completed
Lãng mạnමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...