සඳුදා උදේම අපුර්ව ඇහැරුනේ මරන්න ගෙනියන හරකෙක් වගේ. වෙනදාට ආසාවෙන් යන ඔෆිස් එක අද නිකන් පෝරකයක් වගේ දැනෙන්නේ.. වෙනදාට උදේම එන මිගාරගේ මැසේජ් එක අද නැහැ.. මේ හැගීම වචන වලට පෙරලන්න බැහැ... මේ හිස්කම කාටවත් පුරවන්න බැහැ.. අපුර්ව ටිකක් වෙලා ෆෝන් එක අතේ තියාගෙන බලන් ඉඳලා ගැහෙන ඇගිලි වලින් මිගාරගේ නම්බර් එක ඩයල් කළා.
"හෙලෝ.." හිතුවෙවත් නැති විදියට මිගාර කෝල් එක ආන්ස්වර් කරා..
"හෙ..හෙලෝ.. මිගාර.."
"යස් අපුර්ව.."
"අ..අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද..?"
"ඔව් පුළුවන්.. මගේ කැලෙන්ඩර් එක බලලා වෙලාවක් බුක් කරන්න.." අපුර්වට ඉවසගන්නම බැරි මේ විදියට පිට මනුස්සයෙක් ගානට දාලා කතා කරන එක. වැඩියෙන්ම රිදෙන්නේ එතකොට..
"මිගාර... ඇයි අපිට මේක කතා කරලා විසදගන්න බැරි..?"
"අපුර්ව.. අහන්න.. මං ඔයාගේ කෝල් එක ආන්ස්වර් කලේ අද සදුදා නිසා සහ ඔෆීෂියල් වැඩකට වෙන්නැති කියලා හිතලා.. මේක එහෙම දෙයක් නෙමෙයි නම් කරුණාකරලා ෆෝන් එක තියන්න.."
"ඔ..ඔයාට මාව එච්චරටම විශ්වාස නැද්ද..?" අපුර්වගේ කටහඬ බිඳුනා..
"අපුර්ව.. ආපහු මේක ගැන කවදාවත්ම ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තම් මම කැමති.. ප්ලීස්.. ඔෆිස් එකේ ඕනම දේකට මට කතා කරන්න.. මොකද ඒක මගේ වගකීම.. මම දන්න තරමින් ප'සනල් දේවල් කියන්න දැන් ඔයාට හොඳ කෙනෙක් ඉන්නවා.. අඩු ගානේ එක මනුස්සයෙක්වවත් රවට්ටන්නේ නැතුව ඉන්න බලන්න.."
"මිගාර.. ප්ලීස්--"
ටීක් ටීක් ටීක්... අපුර්ව කට් වෙච්ච කෝල් එක දිහා ඔහේ බලන් හිටියා..
මට මතකවත් නැති දේකට මම හැමෝගෙන්ම සමාව ගන්න ඕන.. මම දන්නේ නැහැ මම මිගාර ගැන එහෙම කිව්වා කියලා.. ඒත් මට සමාවෙන්න.. මම දන්නේ නැහැ මම ජිතේන්ද්‍ර ට බොරු බලාපොරොත්තු දුන්නා කියලා.. ඒත් මට සමාවෙන්න.. මගේ ඔලුව තව අවුල්.. නැහැ.. මේකට කොහේ හරි විසදුමක් තියෙන්න ඕන..
අපුර්ව එයාටම ටික කාලයක් දෙන්න තීරණය කලා... හෙමීට හිතන්න.. කලබල වෙන්න එපා.. හිතලා හොඳ හුස්මක් ගත්තා..
ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...