𝑊𝑊𝐻 𝑏𝑎𝑐𝑘 𝑡𝑜 𝑡ℎ𝑒 ℎ𝑜𝑜𝑜𝑜𝑚𝑒𝑒𝑒𝑒𝑒 ♡

11 4 5
                                    

 
" සූයා....... බේබි කෝ මගේ ඒ ඒ ඒ ඒ !!!"

Apartment එක දෙක කරන් ඒ සුපුරුදු කටහඬ ආයෙම වතාවක් ඇහෙද්දි සුවි කෙල්ලට දැනුන හැඟීම විස්තර කරගන්නවත්, රියැක්ෂන් කරගන්න වත් බැරි තැන තප්පර ගානක් ගල් උනා වගේ හිටියේ පුදුමෙන් වගේම ගොඩක් සතුටින්.

" ඕහ් ගෝඩ්!! එහ්... එහහ් මගේ ඔප්පා.. මගේ handsome... අහ් ඔව් එයා ඇවිත් ද? දෙයියනේ.. මගේ ඔප්පා ? "

සූ ලෑස්ති උනේ රෑ කෑම වේල ඉවර වෙලා නිදාගන්න උනත් දැන් නින්ද කොහෙන් ගියාද කියලා හිතාගන්න බෑ. ඇස් වල කඳුළු පිරිලා මේ වෙනකොටත් සූ දන්නේ නැතුව ඒව කම්මුල් දිගේ පහළ රූරනවා. කෙල්ල මේ කිසිම දෙයක් ගනන් නොගෙන ඉක්මනට දුවලා ගිහින් door එක ඕපන් කළේ කුතුහලෙන්.

" ඕහහ් ඔප්පා !!!! "

සූ කඩිමුඩියේ හැන්ඟුනේ ඒ පළල් උරහිස් අස්සේ. ජින් තරම් උස නැති උනත් කොහොම හරි ඒ පපුවේ උණුසුමට ගුලි වෙන්න කෙල්ලට පුළුවන් උනේ ජිනි ගේ උදව්වෙන්. ඒ සුවඳ ඒ උණුහුම විඳලා ගොඩක් කල් ගත වෙලා ගිහින්.. විරාමයක් නැතුව සූගේ ඇස් වලින් ගලන් යන කඳුළු ජිනී ගේ පපුව හරිය තෙත් කළේ සූටත් නොදැනී...

" බේබි... කෝ කෝ අඬන්න නම් බෑ හැබැයි කෝ මගේ හොඳ පැංචි නේ " ජිනී සූ ව තුරුළු කරගෙන සනසන්න හැදුවත් සූවි ට කඳුළු පාලනය කරගන්න බැරි උනා.

﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊♡

ගතිගුනෙන් ජින් ට සමාන එයාගේ ආදරණීය life partner උන සුවි උසෙන් නම් ජින් ට වඩා චූටියි. ඒ වගේම ටිකක් බෝලයි. කොන්ඩෙත් දිගයි.. පෙනුමෙන් වගේම ඇත්තටත් හරිම cute. ජිනිශි මිලිටරි ගිහින් හිටිය නිසා සූ තනියෙන් තමයි හිටියේ මෙච්චර කාලයක් එයාගේ ඔප්පාගෙන් වෙන් වෙලා. පුදුම කරන්නත් එක්ක ජින් එයාගේ සූටි කෙල්ලට නොකියාම ගෙදර ඇවිත්.

╍╍╍╍╍╍╍╍╍╍┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅ ٭ ˙܀༅  ☁︎  ིྀ ٭ ˙

" කෝ මේ බලන්නකෝ සූ... ඔයාගේ handsome ඔප්පා දැන් ආවනේ. කෝ කෝ අඬල ලෙඩ උනොත් දෙනවා දෙකක් මන් දැන්. කෝ මේ බලන්න මන් දිහා මගේ බේබි දැන් ඇති...  "

" ඔප්පා.... Missed yoooouuu " සූ ආයෙමත් ඒ හැඩි දැඩි පපුව අස්සේ මුහුණ ඔබාගත්තේ කඳුළු පාලනයකින් තොරව ගලාගෙන යද්දී..

" යා.....හහ් මටත් එහෙමයි සූටි කෙල්ලේ. දැන් හැමදේම හරි ඕකේ... ? මන් ප්‍රෝමිස් වෙනවා ආයේ මගේ සුට්ටිව දාලා කොහේවත් ම යන්නේ නෑ."

" නෝමු සරන්හේ !!! " සූ එහෙම කිව්වේ ජින් ගේ තුරූලෙන් ඈත් වෙලා ඒ ලස්සන ඇස් දිහා බලන්.

" නාදෝ බේබි " ජිනී සූ ගේ බෝල මුහුණ එයාගේ අත් අතරට අරන් නලලට දිගු හාදුවක් තිබ්බා.

ජිනී එයාගේ සූ බෝලේ එක්ක ගේ ඇතුලට ඇවිත් සූ ව සෝෆා එකකින් වාඩි කෙරෙව්වා. සූ ගේ කම්මුල් අතර දඟ කරපු කඳුළු කැට ටික පිහිදාලා ජින් එහෙමම බිමින් දණහිස්  තියන් සූ ගේ අත් ජිනිගේ අත් අතරට ගෙනත් තියාගෙන සූ ගේ ඇස් දිහා බැලුවා.

" බේබි.... මන් ආස කරපු විදිහට මගේ හීන හැම එකක්ම පාට කළා ඔයා එක්කම. ඒ හැම හීනයක්ම ඇත්ත වෙද්දි ඔයා මන් ළඟින්ම ඉඳලා මට මට හයියක් උනා... මගේ දිනුමේදි පැරදුමේදි දුකේදී සතුටේදි හැම මොහොතකදී ම ඔයා මාව අත්හැරියේ නෑ. මගේ අන්තිම ආසාව වෙලා තිබුණේ රටටත් මගේ සේවය උපරිමය කරන්න. දැන් එකක් හැරෙන්න මගේ හැම බලාපොරොත්තුවක්ම සම්පූර්ණයි. අන්තිම බලාපොරොත්තුව තමයි ජිවිතේ ඉතුරු කාලේ ආදරේ පුරවලා ඔයා එක්ක සතුටින් ගත කරන එක. මේ හැම දෙයකටම මගේ සූ පැංචිට මන් ගොඩක් වාරයක් ස්තුති කියන්න ඕනි... ඒත් මං ඊට වඩා ආදරෙ කරන්නම්. දැන් මම ඉතුරු වෙලා තියෙන මේ කාලෙ සූ එක්කම ගෙවනවා කියලා මං පොරොන්දු වෙනවා. අදින් පස්සේ මන් කොහේවත් ම යන්නේ නෑ මගේ කෙල්ල ලඟටම වෙලා ඉන්නවා."

ජිනී ආයෙමත් එතනින් නැගිටලා සූ තරමට පහත් වෙලා සූ ගේ නළල සිපගත්තේ හිතේ උතුරන ආදරේ ඒ විදිහට සටහන් කරලා.

ᴰᵉʷᵘ hoseokie╵ᯓ ✍🏻🦋🤎

#HopeFlower #fantasy
#dewuhoseokie ✨💟💐

_______ 💜🐋

හායිම්ම්ම් ආමියෝ.... ඔන්න ජින් ඔප්පා තව දවස් 55කින් එනවනේ... ඉතින් ඔප්පාගේ girls ලා වෙනුවෙන් චූටි story කෑල්ලක් ලිව්වා...! හොඳයි නම් vote එකක් දාන්නත් අමතක කරන්න එපා.. 👉🏼👈🏼😘

 👉🏼👈🏼😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බොරාහේ 💜✨

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

𝒎𝒚 𝒎𝒐𝒐𝒏 𝒃𝒂𝒄𝒌 𝒕𝒐 𝒉𝒐𝒎𝒆 ♡˙Where stories live. Discover now