08 වන පරිච්ඡේදය

2.1K 258 24
                                    

No Stopping Or Turning

ජිවිතේ තව දුරටත් උස්සගෙන යා යුත්තේ කොයි අතට ද තේරුම් ගන්න බැරි තැන , උස්සගෙන යනවා වෙනුවට ජිවිතේ බිම දිගේ ඇදගෙන යන්න මං පුරුදු වුණා. මං ඉබාගාතේ දහ අතේ ඇවිදින කොට බිම දිගේ මං පාසෙන් ඇදි ඇදි ආව ජිවිතේ ඒ මේ අත වැදිලා හැප්පිලා ගල්මුල් ඇනිලා තුවාල වුණා. පිළිසකර ගර ගන්න නො තේරෙන විදිහට ඩැමේජ් වුණා.

.

.

.

.

.

.

.

.

.

.

.

" කොහෙද යන්න තියෙනවා කිව්ව නේද අයාන්... ඇහැරෙන්නේ නැද්ද "

ඇස් දෙක පොඩි කරන ගමන් කෙදිරි ගාපු මම අනිත් පැත්තට හැරිලා රෙද්ද ඔලුවේ ඉදන් පොරෝ ගන්න කොට... පුංචි එකා මාව ඇදලා අරගෙන ඇහැරෙන්න නැද්ද කියලා ඇහුවා...

ම්හුක්... නිදිමතයි දෙයියනේ... ඊයේ රෑ නින්ද ගියේ කියට ද කියලා මට ම මතක නැති වෙන කොට... එයාගේ ඇස් මඟ හැරිය මම රෙද්ද අස්සට ගුලි වුනා...

" තාම නිදිමතයි ද අයාන්... ම්ම්... කෝ ඇහෙරෙන්න බලන්න ඔයා ඊයේ රැට කැවෙත් නැහැ... කන්න දෙන්න ඔනා කියන එක මටත් අමතක වුනා බෙහෙත් බොන්නත් ඔනානේ අයාන්... දැන් එකොළහාටත් ලඟයි අයියේ "

මගේ අත් යටින් අත දාලා මාව ඇදේ ඉන්දුව පුංචි එකා එකොළහාටත් ලඟයි කන්න ඔනා කිව්වා... ඔව්... චොකලට් කාපු නිසා ඊයේ රැටත් කන්න බැරි වුනා... එත් ඉතින් අනේ මට නිදිමතයි නේ

" මන් තව චුට්ටක් මෙහෙම ඉන්න ද... අනේ මට නිදිමතයිනේ පණු පැටියෝ "

" ඔනේ නම් විනාඩියක් දෙන්නම්... මන් කිරි එක හදන් එනකොට ඇහැරලා ඉන්න ඔනා අයාන්... තමුසේ දැන් ඇදට ම දිය වෙනවා කොයිවෙලාවෙත් නිදා ගන්න ගිහින් "

" හරි අප්පා දැන් පලකෝ නිදා ගන්න දෙන්නත් නැහැ අලියා "

විනාඩියක් කියලා මගේ කොණ්ඩේ අවුස්සපු පුංචි එකා කාමරෙන් එලියට යනකොට අනිත් පැත්ත හැරුන මම ඇස් පියා ගත්තා... පිස්සු කොල්ලා ඔනාවට දේවල් කරන්න මහන්සි වෙනවා...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now