At Incheon Airport
පාන්දර පහට නැගිටලා හෙට යන්න තියෙන බඩු ටික ඔක්කොම ලෑස්ති කරගත්තා.. ඇඳුම් ටික, පොත් ටික, එතකොට New yourk වල ඇප්ලයි කරපු යුනිවසිටි ඩීටේල්ස් තියෙන ෆයිල් එක, මගෙ ඩොකියුමන්ට්ස් තියෙන ෆයිල් අරවා මේවා ඔක්කොම පිලිවෙලට අඩුක් කරගෙන මට වටිනම දේ උන ජන්කුක් මට දුන්න පොඩි දේ පවා දාලා තියෙන ඒ තරමක් ලොකු බොක්ස් එකත් මං පරිස්සමින් ලැගේජ් එකට දාගත්තා.. මෙහෙ එයාපෝට් එකෙන් උපරිම ගෙනියන්න පුළුවන් කිලෝ 30ක් විතරක් නිසා ඒ ටික විතරයි මං දාගත්තේ..
උදේ හත වෙද්දි ඔක්කොම ලෑස්ති කරගෙන ඉවර වෙලා ලැගේජ් එකයි අනික් බෑග් එකයි අරගෙන කාමරේ වහලා දොරත් ලොක් කරලා යතුරත් අරගෙනම පහළට ආවා.. ඒ එද්දි හ්‍යුන්ග් ජන්කුක්ට ගෙනියන්න මොනාද හදනවා මටත් සැන්විච් වගයක් දාපු බොක්ස් එකක් දුන්නා.. ඒකත් බෑග් එකට දාගෙන හ්‍යුන්ග් ලෑස්ති වෙලා එනකම් මං ජිමින්ට මැසේජ් එකක් දැම්මා පැයක් යද්දි අපි එනවයි කියලා..
ඉතින් මට නොහිතුනාම නෙවෙයි මං ෆ්ලයිට් එකට නගින මොහොතෙ හරි ජන්කුක් මං ලගට එයි කියලා.. කොහෙද උබ යන්නෙ අහයි කියලත් හිතුනෙ නැතුවම නෙවෙයි.. හහ් මං එච්චර වාසනාවන්ත නැතුව ඇති.. කල්පනා කර කර ඉන්නකොට හ්‍යුන්ග්නුත් ආව නිසා ලැගේජ් එක පිටිපස්සෙන් දාලා මං ඉස්සරහින් නැගලා හ්‍යුන්ග් වාහනේ ස්ටාට් කරගෙන හොස්පිට්ල් එකට යන්න පිටත් උනා..
හරියටම විනාඩි හතලිස්පහක් ගෙවෙන තැන අපි දෙන්නා හිටියේ හොස්පිට්ල් එකේ ලිෆ්ට් එකට ගොඩවෙලා.. අදාල ෆ්ලෝ එකට ආවයි කියලා ලිෆ්ට් එක ඕපන් වෙද්දි හ්‍යුන්ග් ජන්කුක්ට හදාගත්තු දේවලුත් අරගෙනන අපි දෙන්නා ජන්කුක්ගෙ රූම් එකට ගියා.. ඒ යද්දි නම්ජුන් හ්‍යුන්ග්, යුන්ගි හ්‍යුන්ග්, හෝසෝක් හ්‍යුන්ග් වගේම ජිමිනත් හිටියා.. ජන්කුක් නම් හිනා වෙවී මොනාදෝ කතා කරන ගමන් හිටියේ..
හ්‍යුන්ග් ගිහින් ජිමින්ගෙ අතට කෑම ටික දීලා එතන තිබුන සෝෆා එකෙන් ඉදගනිද්දි මං හිටියේ හිටගෙන..
" ළමයි පොඩි දෙයක් කියන්න තියෙනවා.. නම්ජුන්, ජිමින් නම් මේ ගැන දැනටමත් දන්නවා ඒත් අනික් තුන්දෙනා දන්නෙ නෑනේ.. "
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...