පසුගිය කොටස
“අහ්…මට නෙවේ තමුසෙලා ඔක්කොටම පිස්සු. මොකෙක් හරි මාත් එක්ක සෙල්ලම් කරනවා. මං ඕකව අල්ල ගන්නවා. මං ඕකව මරනවා. අහ්හ්හ් තොපි ඔක්කොටම පිස්සු. මාව පිස්සෙක් කරන්න උඹලට බෑ”
කාමරයේ බඩු පොළොවේ ගසමින් ඔහු වියරුවෙන් කෑ ගැසුවා.__________________________
පෙරදී ආදරයෙන් ප්‍රීතියෙන් සිනහා හඬින් පිරුණු ‘ගජේන්ද්‍ර වලව්ව’ අද වේදනාවන්ගෙන් දුකින් සහ අඳුරු මතක වලින් පිරිලා ගිහින්. ඉස්සර බොහෝ පිරිස ගැවසුණු ඒ සුවිසල් මැදුර හුදෙකලා පාළු මැදුරක් වෙලා.
දැන් මේ සුවිසල් මන්දිරයේ ජීවත් වන්නේ, ගජේන්ද්‍ර වලව්වේ වැඩිමලහල් පුතු එනම් අදිස් ප්‍රතාප ගජේන්ද්‍රසිංහ සහ සේවකයින් කිහිප දෙනෙකි. ඒ අතරින් වසර ගණනාවක සිට මේ මැදුරේ සේවය කළ පුද්ගලයෙකි, ඇල්පොසිංඥෝ අප්පුහාමි. ඔහුව වලව්වේදී ඇමතුවේ අප්පු ලෙසයි.
ලීයෙන් සාදා සියුම් කැටයම් වලින් හැඩ කරන ලද පියගැට පෙළ දෙසින් චර චර හඬක් නික්මුණේ වලව්වේ පෞරාණික බව පසක් කරමින්ය. ඒ සමඟ තරප්පු පෙළ දෙසින් බර සපත්තු අඩි හඬක් පැමිණියේ අයෙකු ඉහත මාලයේ සිට පහතට පැමිණෙන බව හඟවමිනි. මේ වලව්වේ සියල්ලන්ටම ඒ පා හඬ ඉතා හුරුයි.
ඒ මේ වලව්වේ උරුමක්කරු අදිස් ප්‍රතාප ගජේන්ද්‍රසිංහයි.
ආලින්දයේ කවිච්චිය පිසදමමින් සිටි අප්පුට නම් ඒ පා හඬ නොඇසුනේ ඔහු ගැඹුරු කල්පනාවක ගිලී සිටි බැවිනි. ඔහු කල්පනා ලෝකයෙන් පියවි ලෝකයට පැමිණියේ ඔහු පිටුපසින් ඇසුණු කටහඬ නිසායි.
“අප්පු…මගේ තේ එකයි පත්තරෙයි ගෙනත් දෙන්න.”
එකවර ඔහු අසලින් ඇසුණු කටහඬට අප්පු තිගැස්සුණා.
“අහ්…හ..හරි බේබි”
අප්පු එතැනින් නික්මෙන සැටි බලා සිටි අදිස් කවිච්චියේ අසුන් ගෙන හිස පිටුපසට බර කරගෙන විඩාබර වූ ඔහුගේ දෑස් වසා ගත්තා.
YOU ARE READING
Deja Vu_BL Non Fic_
Non-Fictionදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.