"අපුර්ව..!!!!"
"ඔ..ඔව්.. කියාරා..?"
"ලෑස්ති වෙන්න අපි දෙන්නා ඩේට් එකක් යන්...?"
"ඩේට් එකක්..?"
"BFF ඩේට් එකක්.. යමුකෝ.. ඇදගෙන එන්නකෝ මාව ගන්න.."
"කියාරා මගේ ඔලුව පොඩ්--"
"ඔයා එනවද නැත්තම් මම ඔයාව හොයාගෙන එන්නද..?"
"මගේ ඔලුව රිදෙනවා කියාරා.."
"එන්නකෝ අනේ... ලොකූ එන්නෙත් නැහැ.. බොරුවට මීටින් මීටින් ගානවා.."
"අපි වෙන දවසක--"
"බැහැ මට අදම යන්න ඕන..? මට අද OGF යන්නම ඕන.. ඔයා එනවා මාව එක්කන් යන්න.."
"අහන්නකො.."
"හරි බැහැද..? කමක් නැහැ.. මම ආයේ ලොකූගෙන් අහන්නම්.. එයත් ආවේ නැත්තම් මම දන්නවා එයාව එක්කන් යන්න ඕන විදිහ.." කියාරා කියපු දේ හොද අතකින් ඉවර නොවෙන බව අපුර්වට ඉවෙන් වගේ තේරුනා..
"නෑ.. ඉන්න.. මම එන්නම් ඇඳගෙන.." අපුර්ව කිව්වේ මේක ඉවර වෙන්නේ මෙවන්ගෙන් කියලා දැනගෙන පරාජය භාරගෙන..
"අන්න එහෙම.."
"ලොකේෂන් දාලා තියන්න.. මම එන්නම්.."
"Wear something pink.. හරිද..?"
"හ්ම්ම්.."
හැමදාම කියාරාගේ අන්තිම තුරුම්පුව වුනේ මෙවන්ට කියලා මිගාරව ගෙන්නගන්න එක.. ඒක එච්චර හොද විදියකට ඉවර වෙන සංවාදයක් නෙමෙයි නිසාත්.. වචනෙන් විතරක් වෙන සංවාදයක් විතරක්ම නොවෙන නිසාත් අපුර්වට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ..
පැය භාගයක් විතර යනකොට අපුර්ව ලෑස්ති වුනේ රෑ වෙන්න කලින් මේ වැඩේ ඉවරයක් කරලා එන්න කියලා හිතාගෙන.. කියාරා දාපු ලොකේෂන් එක බැලුවාම තමයි දැක්කේ කියාරා ඉන්නේ මිගාරගේ ගෙදර බව.. කියපු විදියට නම් මිගාර ගෙදර නැහැ වෙන්න ඕන. මෙවන් ඉදීවිද..? ඇතුලට නොයා එතනට ගිහින් කියාරාට එන්න කියලා කතා කළා නම් හරි.. අපුර්ව හිතාගත්තා..
ට්රැෆික් වෙලාව නිසා කියාරාව ගන්න යන්න විනාඩි 45කට වැඩියෙන් ගියා.. අතරමගදී විසි පාරක් විතර කෝල් කරලා ඉන්න තැන අහද්දී අපුර්වගේ ඔලුව තිබ්බේ පිපිරෙන්න ඔන්න මෙන්න..
ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...