සමහර දේවල් සිද්ධ වෙන්නෙ හරි හදිස්සියෙන්..හැබැයි ඒවා ලස්සනම එහෙම හදිස්සියෙන් සිද්ධ වුණහම...
"අහ් දැන් හරි මල්ලි..
හෙයාර් එක මේ විදිහට තමා සෙට්ම...."සැලෝන් අයියා විදත්ගෙ කොණ්ඩෙට ස්ප්‍රේ කරලාම වැඩේ ඉවර කළා..
"තෑන්ක්ස් අයියේ...." මොනා නැතත් කොණ්ඩෙනම් සැටිස් කොල්ලට..ටිකක් උඩට වැවුණම ඉතින් කොල්ලන්ටත් ඒ තරම් දෙයක් නෑනේ...අර ලා දුඹුරු මික්ස් බටර් පාට ඇගගට ඉන්දියන් කුර්තා එකක් ඇන්දම..
වාහ් ! අමුතු යුනික් ලස්සනක්..
ලස්සන කෙනෙක් දැක්කම ගැහැණු පිරිමි බේදයක් නෑ අපි හැමෝම ආසයිනේ..
ඉතින් කොහොමද සැලෝන් අයියා වුණත් අත තියාගෙන ඉන්නෙ ..."නෑ..මේකප් ඕන්නෑ අයියේ.."
"ඇයි මල්ලි...පොඩි ටච් අප් එකක් දාමු..."
"නෑ අයියේ අවුලක් නෑ..."
විදත් පුටුවෙන් නැගිටලා එහාට වුණා..
එයා එපා කිව්වොත් ආයි එපා.."ඒ උඹටනේ..
උඹෙ පොත්ත සුදු වුණාට අපේ නෑනේ..
ඔයා මට දාන්න අයියේ..
සනම් රේ...සනම් රේ.."මිලාන් පැනගෙන ඇවිත් ආපිට ඉදගත්තෙ විදත්වත් තල්ලු කරලා දාලා...
එයාටත් ඉතින්..
විදත් එහාට වුණාම සැලෝන් අයියගෙ මූණ බලන්න එපැයි...එයාට ඒ මොකෝ වෙලේ තියෙන්නෙ ?"කෝ කට්-
ටසිරි ! මුන්ගෙ ලස්සන...!! " දොර ඇරපු පාර ගැම්මට ඉන්න කොල්ලො තුන් කට්ටුව දැකලා කෙල්ල උඩ ගියා ..."දිල් මේ උඹද ? " මිලාන් දොර දිහාට හැරුණා..
"නෑ බන් දිල්ගෙ නංගි පිල්.."
කියන් දිල් ඇතුළට ආවේ සායත් අත් දෙකෙන් උස්සගෙන..තද නිල් පාට කුර්තා එකට විදත් ගති..
තද නිල් මික්ස් සුදු කුර්තා එක මේඝට සුපිරියටම සෙට්..
ලා නිල් මික්ස් තද නිල් කුර්තා එකට මිලාන්ගෙ අමුතු ලස්සනක්..
තුන්දෙනාම ගති !!
මුන් නිකම් ඉන්දියන් නළුවො වගේනේ..දිල් තුන්දෙනා දිහා බැලුව ඇස් කරකව කරකව මාරුවෙන් මාරුවට..
කෙල්ලටත් ටිකක් කන්ෆියුස්..මේ අවුරුදු හතරටම මුන්ව මේ පිළිවලට ලස්සනට දැක්කමයි..."ඒ සිරාවටම මේකි මෙහෙම ලස්සනයිනේ බන්..
උඹ හැමවෙලේම කියන්නෙ මේඝ මේකිට දිගට ඇදපන් කියලා..
ඔය ඇදලා තියෙන්නෙ අද දිගටම..
සනම් රේ සනම් රේ.."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-