"සුභ උදෑසනක් මගේ ඔමේගා"පොරෝනාවක් අස්සට වෙලා, මූන විතරක් එලියට දාගෙන ඇස් බෝල කරගෙන එයා දිහා බලන් ඉන්න ජන්කුක්ගෙ නලල සිපගත්ත ටේ පොරෝනාව පහලට ඇදලා ජන්කුක්ව එලියට ගත්තා.
"සුභ උදෑසනක් මගේ.... Oh my fucki....."
කියන්න හදපු දේ නවත්තගත්ත ජන්කුක් එක පාරම පොරෝනාව උඩට කරගෙන එයාගෙ නිරුවත් ශරීරය වහගෙන කෑ ගහගෙන යහන උඩින් වාඩි උනා.
"ඕකෙ අඟලක් නෑර මං දැකලා ඉවරයි ඇල්ෆා පැටියො"
ටේ ආයෙමත් පොරෝනාව පහලට අදින්න හැදුවත් ජන්කුක් ඒකට ඉඩ නොදී ආයෙත් පොරෝනාව අස්සටම රිංගලා මූන් බවට පරිවර්තනය වෙලා ඒ අස්සෙ හැංගුනා.
"මගේ ඔමේගා? කෝ එන්නකො, මොකද මේ? ඒක ලැජ්ජ වෙන්න දෙයක්ද?"
පොරෝනාව අයින් කරලා මූන්ව අත් දෙකට ගත්ත ටේ මූන්ව එයාගෙ නිරුවත් පපුවට තියලා තුරුල් කරගන්නකොට, මූන් එයාගෙ සිනිදු ලොම් ටේගෙ පපුවෙ ඇතිල්ලුවා.
"කුකී, මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ, මං දැනන් හිටියෙ නෑනෙ මේ ඇල්ෆා පැටියා මෙච්චර ලැජ්ජයි කියලා, එන්නකො කුකී"
ආයෙමත් ටේගෙ අත් වලින් බැහැලා පොරෝනාව ඇතුලටම ගිය ජන්කුක් එයාගෙ මනුස්ස ස්වරූපයට ඇවිත් ටේගෙ ඇස් මගඇරියා. එයාගෙ ඊයෙ හැසිරීම ගැන ජන්කුක් ඇත්තටම ලැජ්ජ උනා. එයාට ටේට මූන දෙන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.
ජන්කුක්ගෙ මේ හුරතල් හැසිරීම දැකලා ටේ ඒ දිහා ලෝබකමින් බලන් ඉදලා ජන්කුක් ලගින්ම හාන්සි වෙලා, අහක බලන් ඉන්න ජන්කුක්ගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.
"රිදෙනවද මගේ ඔමේගා? ඔයා කොහොමද කුකී මාව දරාගත්තෙ?"
YOU ARE READING
Crused Alpha & Tiny Omega ✅
Fanfictionවිශ්වාස කරන්න පුලුවන්ද Golden Moon Pack එකේ රජතුමාගෙ පුංචි ඔමේගා කුමාරයා එයාගෙ 18 වෙනි උපන්දිනය දවසෙ එයාගෙ fated mate විසින් ප්රතික්ෂේප වෙනවා. කණ්ඩායමේ ඉන්න ලස්සනම ඔමේගා, කණ්ඩායමේ ඉන්න කඩවසම්ම, දක්ශම, ශක්තිමත්ම ඇල්ෆා විසින් ප්රතික්ෂේප කරනවා. මේ ප...