"ජන්කුක් තමුන් මේ මහ රෑ කොහෙද ඔය යන්න හදන්නෙ?"ජන්කුක් හවස් වීගෙන එනකොට කැලේට යන්න ලෑස්ති වෙලා එලියට බහිනකොටම වගේ එතන්ට ආපු බෝගම් ජන්කුක්ගෙ පාර හරස් කරා.
"මහ රෑ? මටනම් තාම මහ රෑ වෙලා නෑ"
ජන්කුක් බෝගම්ව ගනන් ගන්නැතුවම කියලා පපුවට ඉස්සරහින් අත් දෙක බැදගත්තා.
"ඒත් මේ කළුවරේ තමුසෙ එලියට යන්න එපා, යන දිහාවක එලිය තියෙනකොට යනවා"
බෝගම් අණ දෙන්න වගේ කියනකොට ජන්කුක් ඇස් රෝල් කරලා වෙන පැත්තක් බලාගත්තා.
"මොකක්ද බෝගම් තමුන්ට ලගදි ඉදලා මං ගැන තියෙන කැක්කුම? මට මගේ වැඩක් කරගන්න දීලා තමුන් තමුන්ගෙ ගණිකාවො ටිකගෙ අහවල් එක කකා ඉන්නවකො"
හොදට වටපිට බලලා අහල පහල කවුරුත් හිටපු නැති නිසා ජන්කුක් හොද පදෙන් බෝගම්ට කියලා බෝගම්ව පැත්තකට තල්ලු කරා.
"තමුසෙ කුමාරයෙක්ද නැත්තං අර සල්පිලෙ මාලු වෙලෙන්දෙක්ද?"
ජන්කුක්ගෙ වචන වලට තරහා ගිය බෝගම් ගොරවගෙන ජන්කුක් ලගට ගිහින් ආයෙමත් එයාගෙ පාර හරස් කරා.
"දෙකම නෙමෙයි, ඇයි ඒකෙන් තමුසෙට ඇති වැඩේ මොකක්ද?"
බෝගම්ගෙ මූනවත් බලන්න අප්පිරියා වෙලා හිටපු ජන්කුක් බෝගම් එක්ක හරහටම කතා කරා.
"මගේ දෛවෝපගත සහකාරයා ගැන මට වැඩක් තියෙන්නැතුව අර නගරෙන් ආපු ඇල්ෆාට වඩක් තියෙන්නද ජන්කුක්?"
KAMU SEDANG MEMBACA
Crused Alpha & Tiny Omega ✅
Fiksi Penggemarවිශ්වාස කරන්න පුලුවන්ද Golden Moon Pack එකේ රජතුමාගෙ පුංචි ඔමේගා කුමාරයා එයාගෙ 18 වෙනි උපන්දිනය දවසෙ එයාගෙ fated mate විසින් ප්රතික්ෂේප වෙනවා. කණ්ඩායමේ ඉන්න ලස්සනම ඔමේගා, කණ්ඩායමේ ඉන්න කඩවසම්ම, දක්ශම, ශක්තිමත්ම ඇල්ෆා විසින් ප්රතික්ෂේප කරනවා. මේ ප...