ඒ වනවිට බොහෝ රෑ වී තිබිණි. සමාගමේ සිට වූතොං මාවත ඔස්සේ නිවස වෙත ඇවිද යන අතරතුර, මම චී ෂි පිළිබඳව සිතුවෙමි.
ඔහු, කුඩා කාලයේ සිටම මගේ හොඳ මිතුරෙක් විය. ඔහුගේ නම වඩාත් සිත්ගන්නාසුළු වූයේ, එම නාමය ලිවීමට භාවිතා කරන අක්ෂර, 'නයිට්වරයා' යන්න ලිවීමට භාවිතා කරන අක්ෂරවලට තරමක් සමාන වූ බැවිනි.
මා මේ පැවසීමට සූදානම් වන්නේ මගේ කතාව නොව, ඔහු පිළිබඳ කතාවයි.
අපගේ ළමා කාලයේදී, සියල්ලෝම එකිනෙකාට බොහෝ සමීපව සහ, සරලවම එකම පන්තියේ අය සේ ජීවත් වූහ. එකළ, ගොඩනැඟිලි මෙතරම් උස්ව නොපැවති සේම, කාමරද ඉතා කුඩා විය. සෑම ළමයෙකුටම යම් මිතුරෝ ගණනක් සිටියහ. ඔවුහු සෑම සැඳෑවකදීම ගෙමිදුල්වල ක්‍රීඩා කළ අතර, රෑ බෝවෙද්දී, නිවෙස්වල කවුළුවලින් හිස් පිටතට දමාගත් වැඩිහිටියන් විසින් නැවතත් නිවෙස්වලට කැඳවන ලද්දාහ.
මම පළමු වතාවට චී ෂීව දුටුවේ ඉරිදා දිනයක දහවල් කාලයේදීයි. එකළ සති අන්තයක් නොවූ බැවින්, පාසල් නොයා සිටීමට හැකියාව තිබුණේ සතියේ එක් දිනකට පමණකි. ඒ වනවිට මා, මිදුලේ ක්‍රීඩා කිරීමට තරම් වැඩී නොසිටියෙන්, සහෝදරයා සමඟ පන්දුවකින් ක්‍රීඩා කිරීම පමණක් කළහැකි විය. එය ක්‍රීඩා කිරීමට ගන්නා පාපන්දුවක් ලෙස පැවසිය හැක්කේ නොවේ. එය හුදෙක්ම පාට ගැල්වූ පන්දුවක් පමණක්ම විය.
උණුසුම් ග්රීෂ්මයේ දී, මධ්‍ය විද්‍යාලයට යන ගැහැණු ළමුන් කිහිපදෙනෙක්, වර්ණවත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ඒ අසළින් ගමන් කරද්දී, මගේ දෙනෙත් ඔවුන් වෙත ඇදී ගියේය. එකළ, මම සැබැවින්ම ගැහැණු ළමුන් වෙත ආකර්ශණයක් දැක්වූ නමුත්, ඔවුන් හා කතා කළයුත්තේ කෙළෙසදැයි නොදැන සිටියෙමි. මගේ වයසේ, මගේ පන්තියේ සිටි ගැහැණු ළමුන්, නොහික්මුණු සහ පිළිකුල් සහගත පිරිසක් වූ නමුත්, මට වඩා තරමක් වැඩිමහල් ගැහැණු ළමුන් දිව්‍යාංගනාවන් බඳූ විය. ඔවුන් දුටු විට මට හැඟුණේ, ඔවුන් සහ මා අතර බොහෝ පරතරයක් පවතින බවයි.
මෙයින් ඇතිවූ සුළු අනවදානය නිසා, මගේ අතින් පන්දුව ගිලිහිණි. ඉන් කෝපගත් මම, එයට පා පහරක් දුන්මි. මගේ කෝපය එම පන්දුව මතින් මුදාහැරි පසුව, තෘණ මතින් ඉහළට පියෑඹූ එය, එක් ළමයෙකුගේ ගතෙහි වැදුණේය.
YOU ARE READING
Me and My Knight | මම සහ මගේ නයිට්වරයා
Romanceකෙටිකතාවකි. Author: Matthia English Translator: Addis/ Exiled rebels scalantions