Author Pov
2024 ඉවර වෙලා 2025 අවුරුද්ද ලැබුවේ අවුරුද්දක් මෙච්චර ඉක්මනට ගියාද කියලවත් හිතාගන්න බැරුව.. අද ජනවාරි 22 වනිදා.. කොරියාවේ ඉන්න Number 01 Bissnusmen සහ කොරියාවේ දැනට ඉන්න Best Neurologist ගෙ වෙඩින් එක යෙදිලා තිබ්බෙ අද දවසට.. ඉතින් කොරියාවේ විතරක්ම නෙවෙයි හුඟක් රටවල ප්රසිද්ධම Makeup බ්රෑන්ඩ් එකක් තමයි JV Cosmetics කියන්නෙ.. ඒක නිසාම ජියොන් ජන්කුක්ගෙ වෙඩින් එකට එයාගෙ ලඟම හිතවත් කම්පැනි වල ඔව්නර්'ස්ලට ආරාධනා ලැබිලා තිබ්බා.. ඒකට හේතුවක් විදිහට ගත්තොත් ජන්කුක් කැමති උනේ නෑ එයාගෙ ජීවිතේ වටිනම කෙනාව කාමතුර සල්ලාල මිනිස්සුන්ට ප්රදර්ශන භාණ්ඩයක් වෙනවට.. ඉතින් ඒක නිසාම ජන්කුක් තීරණේ කරලා තිබුණා එයාගෙ හිතවත් ළගම අයට හැර වෙන කිසිම කෙනෙකුට එයාලගෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්නෙ නෑ කියලා..
එදා ජන්කුක් නිව් යෝක් වල ටේහ්යුන් ඉන්න ගෙදරට යන්න කලින් ජින්, නම්ජුන් එක්ක ගියේ ටේහ්යුන්ගේ වගේම ජින්ගෙ අම්මයි තාත්තයි හම්බෙලා එයාලගෙ සම්බන්ධෙට වගේම වෙඩින් එකට අවසර ගන්න.. ජන්කුක්ගෙ හිතේ කොනකවත් කිසිම බයක් නම් තිබ්බෙ නෑ.. ඒක ඉතින් ජන්කුක්ගෙ හැටිනෙ කොහොමත්.. ඇරත් ජන්කුක් කියන්නෙ ටේහ්යුන්ට එදා කිව්ව වගේම ගෑණියෙක් වගේ හැසිරෙන කොල්ලෙක් නෙවෙයි.. ජන්කුක් වැදගත් විදිහට ගිහින් පිළිවෙලට ටේහ්යුන්ගේ තාත්තගෙන් එයාලා ගැන කිව්වහම ටේහ්යුන්ගේ තාත්තා කිව්වෙ එක දෙයයි,
" පුතේ මට මගෙ කොල්ලා ගැන කිසිම බයක් නෑ.. මොකද උබේ තාත්තා කියන්නෙ දෙයක් කිව්වොත් ඒ දේ තිතටම ඉශ්ට කරන කෙනෙක්.. ඉතින් උබත් ඒ වගේ කියලා මං දන්නවා.. මගෙ කොල්ලට මං හරි ආදරෙයි පුතේ ඌව හැදුවෙ දෙන්න පුළුවන් උපරිම සැප දීලා.. මං උබට කියන්නෙ නෑ ඌට මේ ලෝකේ තියෙන හැම දේම දෙන්න කියලා.. මොනා දුන්නා නොදුන්නත් ඌට ආදරේ අඩු නැතුව දීපන් ඒ වගේම මගෙ එකාගෙ හිනාව රැකගනින්.. මං මේවා කියන්න ඕනෙ නෑ උබ අකුරටම කරනවා කියලා මං දන්නවා.. මගෙන් මේ සම්බන්ධෙට කිසිම විරුද්ධත්වයක් නෑ.. "
ඉතින් එදා ටේහ්යුන්ගේ තාත්තා කිව්ව දේ ජන්කුක් දැනටමත් කරලා ඉවරයි සහ කරගෙන යනවා.. මං හිතන්නෙ ජන්කුක් කියන්නෙ ටේහ්යුන්ට ගැලපෙනම ආත්ම සහකාරයා.. ඒ දවසෙ ටේහ්යුන්ගේ අම්මත් ජන්කුක්ව එයාගෙ බෑණා විදිහට පිළිගත්තා වගේම එයාලා දෙන්නත් මූලික වෙලා තමයි වෙඩින් එකට දින බැලුවේ.. ඉතින් සාර්ථක වගේම බිඳ වැටීම් වලින් පිරුණු ගමනකට පස්සෙ එයාලා දෙන්නා අද එකතු වෙන්නයි හදන්නේ..
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...