27 කොටස

2.1K 271 24
                                    

ඒ සතිය කොහොම ගෙවලා ගියාද කියන්න කාටවත්ම තේරුමක් තිබුනේ නැහැ.. එහෙ බලලා මෙහෙ බලද්දී සිකුරාදා හවසත් වෙලා.. භවන් ශාක්‍ය ඊයේ අපුර්වගේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලත් වැඩි වෙලා හිටියේ නැහැ.. භවන්ට රෑ ලෙක්චර් එකක් වැටුන නිසා ඉක්මණට යන්න වුනා..ඒ වෙනුවට දෙන්නම අද ආවා 5ට විතර.

"අද භාතිය එනවා කිව්වා ඔෆිස් ඉවර වෙලා.." අපුර්ව කිව්වේ ඩයිනින් ටේබල් එක උඩ දිග ඇරගෙන ඉන්න ලැප්ටොප් එකෙන් ඇස් දෙක අයින් කරගන්නෙම නැතුව..

"ම්ම්.. ඌ එන්න ඕන කිය කිය හිටියේ අපුර්වව බලන්න.."

"හ්ම්ම්ම්.. මට දවස් දෙකක් විතර කෝල් කරලත් ඇහුවා හැබැයි.."

"හ්ම්ම්.."

"අපරාදේ ඉතින් තකහනියක් එන එක මට දැන් අසනීපයක් නැහැනේ.."

"හ්ම්ම්.. භවන්.. භවන්.. නිදිමතයිද..?" අපුර්ව එක්ක කතාවට වැටිලා හිටපු ශාක්‍ය එක පාරට භවන්ගේ දිහාවට හැරුනේ භවන්ගේ අතේ තිබුන ලැප්ටොප් එක සෙටි එක දිගේ රූටලා පහලට එන්න හැදුවාම..

"ම්.. මොකද්ද.. හ්..අනෙහ්.. නිදි..ම...තායි.." ලැප්ටොප් එක ශාක්‍ය ගේ ඇඟේ ගහලා භවන් එහෙමම පුටුවේ කොනට ගුලි වුනා.."

"එහෙම කියලා බැහැනේ.. කෝ.. ස්පීච් එක හදන්න එපැයි.. නැගිටින්න.. කෝ.."

"අනේ.. ටිකක්.. චුට්ටම චුට්ටක්.. විනාඩි පහයි.. ඩුන්ගක් ඇස් දෙක වහගෙන නැගිටිනවා.. හාද..?"

"ඔයාට තේ එකක් හදලා දෙන්නද..?"

"හ්..හා.. එතකන් මම දොයිලු ආහ්.."

ශාක්‍ය එහෙමම නැගිටලා කිචන් එකට ගියේ තේ එකක් හදන් එන්නම් කියලා හිතාගෙන.. අපුර්වට එක පාරටම මතක් වුනේ එදා මිගාර බත් කවන්න හදපු දවස.. හොඳ දවස් ඉගිල්ලිලා ගියත්  නරක දවස් හරිම හෙමින් ගෙවෙන්නේ කියලා අහලා තිබ්බට හැබැහින් විදින්නේ දැන්..

විනාඩි පහලවක් විතර යනකොට අපාර්ට්මන්ට් එකේ දොර ඇරුනේ භවන් අපුර්ව දෙන්නම පුදුමයෙන් දොර දිහාවට ඔලුව හරවද්දී.. මොකද අපාර්ට්මන්ට් එකේ පාස්වර්ඩ් දන්නේ අපුර්ව හැරුනාම භවන්, සචින් විතරයි.. භවන් අපුර්ව දෙන්නම දැන් අපාර්ට්මන්ට් එක ඇතුලේ නම්.. දොර ඇරියේ..?

ස්නේහ | CompletedOnde histórias criam vida. Descubra agora