Part 16

9 6 0
                                    


දෙපතුල දක්වා වුණ කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන මම මිදුලට බැස්සෙ අයාකාව මුණ ගැහෙන්න..
අයාකා ඇවිත් ඉන්නවා කියලා දැන ගත් ⁣මොහොතේ මම පුදුම වුණත් දැන් දැනෙන්නෙ පහසු මද බවක්..

අයාකා හිටියෙ මිදුලෙ අතුපතර විහිදුණු ගහ යට බිම වාඩිවෙලා..ගහෙන් බිමට වැටුණ කොළයක් අතේ තියාගෙන ඒ දිහා බලාගෙන හිටි එයා මේ මොහොතේ මොනවා හිතමින් ඉන්නවද කියල මට තේරුමක් තිබුණෙ නෑ..

ආයෙත් වතාවක් එදා සිද්ධ වුණ දේ මතක් වුණේ මාව කේන්තියටත් ලැජ්ජාවටත් පත් කරලා..

"සමාවෙන්න..කොනොන් මේ වෙලාවෙ ගෙදර නැහැ එයා පුස්තකාලයට ගියා.."මං කිව්වෙ එයා ඉස්සරහින් හිටගෙන..

අයාකා යන්තමින් ඔළුව ඔසවලා මං දිහා බැලුවා..එයා පුංචියට හිනාවුණා..

"මම දන්නවා නිකී..මම ආවෙ කොනොන්ව බලන්න නෙමෙයි..ඔයාව මුණගැහෙන්න.."

"මොකටද..?"මම අැහුවෙ බිමින් වාඩිවෙන අතරෙදි..

තත්පර දෙක තුනක් නිහඬව හිටි එයා දිහා මං හොඳින් බැලුවා..
මූණ පුරා තැවරිලා තිබ්බ විවිධ ආලේපන වලින් එයාගෙ ස්වභාවික රූපය සම්පූර්නයෙන් වෙනස් කරලා තිබුණත් විශේෂ සුන්දර බවක් ඉන් මතු වුණේ නැහැ..නමුත් පුරුද්දක් විදිහට අයාකා හැමදාම ආලේපන පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියා..අයාකාගෙ ලඟින් දැනුනෙ තද විදේශීය විලවුන් සුවඳක්..

"නිකී..මම දන්නවා මම ඒ වෙලාවෙ හැසිරුණ විදිහ බොහොම ලැජ්ජාසගතයි..මං හින්දා ඔයා ගොඩක් අපහසුතාවට පත්වුණා.."

"මටත් වඩා මිචිකො.."මම එයාට මතක් කළා..

"හ්ම්ම්..ඔව්..මිචිකොත්..මට සමාවෙන්න ඔයාලා⁣ දෙන්නටම මම ලොකු කරදරයක් කළේ..අනේ මට සමාවෙන්න නිකී..මං ආයෙත් එහෙම කරන්නෙ නෑ.."

එයා මගෙ අතේ එල්ලිලා පොඩි දරුවෙක් වගේ අැයදුවත් මං හිටියෙ දැඩි හිතක..

"ඒත් ඔයා කරපු වැරැද්දෙ වෙනසක් වෙන්නෙ නෑ.."

"මම දන්නවා..ඒ වගේම මම පසුතැවෙනවා.."අයාකා වඩාත් හොඳින් ගහට හේත්තු වෙලා වාඩිවුණා..

"ඒක සමාව දෙන්න බැරි වරදක්.."

"මම දන්නවා..ඒක ලොකු වැරැද්දක්..ඔයාට මට සමාව දෙන්න බැරුව ඇති..මං ආයෙත් ඔයාට කරදර කරන්නෙ නෑ.."අයාකා කිව්වෙ බලාපොරොත්තු පිරුණ සෙල්ලක්කාර හඬින්..

නමුත් එයාගෙ වචන මම විශ්වාස කළේ නෑ..

"නිකී..සමාව දෙන්න බැරිනම්..මං වෙනුවෙන් පොඩි දෙයක් කරන්න..මං පොරොන්දු වෙනවා ආයෙ ඔයාට කරදර කරන්නෙම නෑ කියලා.."

"මොකක්ද?"

_______________

To Be Continued

Miles Away | Niki Centric | OngoingTempat cerita menjadi hidup. Temukan sekarang