28 කොටස

2.1K 263 17
                                    

මුළු සතියෙම මහන්සි වෙලා විස්තර හොයාගෙන සෙනසුරාදා හවස  අපුර්ව hypnotherapy සෙෂන් එකකට යන්න ලෑස්ති වුනා. එතකොටවත් අමතක වුන දේවල් මතක් වෙයිද බලන්නයි එයාට ඕන වුනේ.. තනියම යන එක ඇඟට ගුණ නැහැ කියලා හිතලා සචින්වත් වැඩේට කතා කරගත්තේ භවන්ට යුනිවර්සිටි එකේ වැඩක් සෙට් වුන හින්දා.. කල්පනා කරන්න ඕන වුන හින්දාම සචින්ට වාහනේ ඩ්‍රයිව් කරන්න දීලා අපුර්ව පැසේන්ජර් සීට් එකට නැග්ගා..

"මචං.. ඕක කරන්නම ඕනද?? සමහරුන්ට මෝහනය කලාම මතකේ අවුල් යනවා කියලා මම අහලා තියනවා.." සචින් ඇහුවේ කල්පනාවක ගිලිලා ඉන්න අපුර්ව .දිහා බලාගෙන..

"දැන් නම් මට මේ මතකේ තිබිලත් වැඩක් නැහැ වගේ බං.. දෙකෙන් එකක් විසදෙන්නේ නැතැයි අද.."

"ඒත් පො--" සචින්ට කතා කරන්න නොතියාම ෆෝන් එක රින්ග් වුනා..

"කියන්න.."

"....."

"එක පාරක් මම තමුසෙට කිව්වනේ රිෂිනි.. යන්න එපා කියන්නේ යන්න එපා.."

"....."

"ආයේ මට කියන්න තියන්නෙපා.. තමුසෙගෙ යාලුවෝ කවුද වෙන උන් කවුද කියලා මම දන්නවා මෙහෙම මෝඩයා වගේ හිටියට.."

"....."

"ඕන හුත්තක් කරගනින් කියන රෙද්ද අහන්න බැරි නම්.." සචින් මල පැනලා කෝල් එක කට් කරේ අතින් නළල මිරිකගන්න ගමන්..

අපුර්ව මුකුත් නාහාම හිටියේ ඉතිරි වෙලාවේම සචින් කතා කරන්න කැමැත්තකින් හිටියේ නැති බව දැනුන නිසා..

"මේක 100%ක්ම සාර්ථකයි කියන්න බැහැ පුතා.. අනික හැමෝටම hypnotherapy හරි යන්නෙත් නැහැ.. සමහරු hypnotize වෙන්නෙත් නැහැ.. උනාත් වෙච්ච හැමදේම එහෙම කියනවා කියලා අපිට හිතන්නත් බැහැ.." මිස්ටර් සමරදිවාකර අපුර්වගේ පිටට තට්ටු කලේ එයාව සනසන්න වගේ..

"හ්ම්ම්.." එදා සිද්දිය මතක් කරගන්න තිබුන අන්තිම තුරුම්පුවත් නැති වෙලා යද්දී අපුර්වට දැනුනේ තමන් ගැනම අනුකම්පාවක්..

"අපුර්ව.."

"ඔව් මිස්ටර් දිවාකර.."

"වරදවා හිතන්නේ නැත්තම් ප්‍රශ්නයක් අහන්නද..?"

ස්නේහ | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang