ආදරේ ,මේ ලෝකේ තියෙන හරි අමුතුම දේ ඒක කියලයි මට හිතෙන්නෙ?අපිට පිරිලා ඉතිරිලා පිටාර ගලන්න තරන් ආදරයක් දෙන කෙනා නැතුව අංශුවකවත් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි හිත් එක්ක අපි හරි අපූරුවට ඔට්ටු වෙනවා...
ඒත් ඇයි ඉතින් එහෙම. ඇයි අපිට බැරි අපි ආදරේ කරන කෙනා වෙනුවට අපිට ආදරේ කරන කෙනාව තෝරන්න.
හ්ම්ම් හිතලා බැලුවොත් කවදාවත් ඒක කරන්න බෑ, මට නන් කොහොමත් බැරි වෙයි.
මොකද අපි කොහොම කොයි විදිහට හෑලි ලිව්වත් කොච්චර බණ කිව්වත් අපිට බෑ දැනුන තැන අමතක කරන්න ඒකයි මිනිස්සු හැමදාම තමන් ආදරේ කරන තැන තෝරගත්තේ.නින්ද නැති කරන වේදනාවක්, පපුව පසාරු කරන රිදීමක්, ලොකුම ලොකු පසුතැවීමක්, ආත්මෙම හූරන කලකිරීමක් මේ හැමදේම ඒකෙන් ලැබෙනවා උනත් ඒ ඔක්කොම එක්ක අර පරණ මතක වල මිහිරියාව අමුතු සතුටකුත් අපිට දෙනවා නේද?
ඉතින් අපි හැමෝම පරණ තැනම නැවතිලා ඉන්නෙත් ඒ නිසාම නෙවේද? ඒ පුංචි සතුටට පවා අපි ලෝභකම් කරන නිසා නෙවේද?මේ පෘතග්ජන ලෝකෙ අස්සෙ ඇයි අපි රහත් බුදුවරුන් වගේ රගපාන්නෙ ඇයි අපිට බැරි අපිම වෙන්න අඩුම අපි තනි වෙන තැනදිවත්!
ඉතින් මම මේ කරන්නෙත් ඒක. මට තනිවෙන්න ලැබුන මේ පොඩි අවකාශේ අස්සෙ මම මමම වෙනවා. අවුරුදු ගානක් පරණ අතීතේ ඇතුලේ මම ජීවිතේ විදිනවා ඔව් ජීවිතේ ලස්සනම කාලේ එයා එක්ක එකට ඉදපු මගෙ ස්වර්ණමය කාල රාමුව ඇතුලේ මම තාමත් හුස්ම ගන්නවා. එදා තරම් නිදහසේ නොව්නත් පුලුවන් විදිහට.....
හුගක් අයට අපි හැමතිස්සෙම ඇවිලෙන දෙන්නෙක් ඒක මේ අර ටෙලිඩ්රාම වල වගේ ආදරේ හංගන්න කරන හුරතල් වලියක් නෙවේ. ඒවා ඇවිත් යුද්ධෙකට විතරක් දෙවෙනි වෙන බර පංතියේ දාර වලි. අපිව හොදම යාලුවො වගේ පේන කට්ටියකුත් හිටියා එයාල තමා අපේ මහා ගුරු දෙගුරු සේනාව එයාලට අපි දෙන්නා රන්ඩු කරත් ඒක පේන්නෙ අපේ යාලුකමේ අත්යාවශ්යම අංගෙ විදිහට.
ඔය දේවල් කොහොම කොයි විදිහ උනත් මම ආදරේ කරෙත් ඒ දුශ්ටයටම තමා හැබැයි ඒක වෙනස් ආදරයක් ලබා ගැනීමේ තණ්හාවට නෙවේ බලාගැනීමේ ආසාවටම විතරක් බැඳුන ආදරයක්. මොකද අපි දෙන්නටම අදටත් කියන්න බෑ අපි අපිට ආදරේ කරා කියලා ඇත්තම කිව්වොත් අපි අදරේ කරෙත් නෑ.
YOU ARE READING
𝐅𝐨𝐫 ℒℴѵℯ ❤ (On Hold)
Non-Fiction"මගේ ආදරේ කියන්නෙම දුකක් ,කිසි කෙනෙක් කැමති නෑ දුකේම ඇලිලා ඉන්න." "ඒත් මම කැමති දුකේ ඇලිලා ඉන්න. බලෙන් ලබාගත්ත දේකින් ලැබෙන සතුටට වඩා අර ලැබෙන දුක මට හොදයි." "මගෙ ආදරෙන් ඔයාට ලැබෙන්නෙ දුකක් නන් ආපහු හැරිලවත් නොබලා පුලුවන් තරන් ඈතට දුවන්න. මට පුලුවන...