මේ...ඇහුනද? නැගිටින්න....
කවුරුහරි මගේ උරහිසට තට්ටු කර කර මාව නැගිට්ටුවන්න හැදුවත් මම කලේ ආපු එකාට බැනලා අනිත් පැත්ත හැරුණ එක.....
අනේ යනවකෝ වදේ යන්න...මට දොයිමතයි ඕයි, හුම්...
මේ හලෝ, පොඩ්ඩක් නැගිටිනවද? මට මගේ බැනියම ගන්න ඕන...
What? මොන බැනියමක් ගැනද මේ අපේ අක්කා ගොනා කියවන්නේ? කවදා ඉඳන්ද මේකි බැනියන් අඳින්න පටන් ගත්තේ?
*****************************
අපේ අක්කා කවදා ඉඳන් බැනියම් අඳින්න පටන් ගත්තද කියලා හිත හිත මම පොඩ්ඩක් එක ඇහැක් ඇරලා බැලුවේ මේ මට නැගිට්ටවන එකා මොකාද කියලා බලා ගන්න...මගේ ඉස්සරහට වෙලා අත් දෙකත් පපුවට බැඳගෙන් ඉන්න එකා දැකලා මට චූ බරකුත් එන්න ආවා අප්පා...වෙන කවුරුවත් නෙවෙයි ඉතින් මගේ ඉස්සරහා හිටියේ අර ගෝතයා තමයි...ඌ මොකටද මේ මගෙන් බැනියමක් ගැන අහන්නේ? මොකද මං ඒකගේ බැනියම් අඳිනවා කියලද? මට වැඩේමයි එක එකාගේ ඒවා හොරකම් කරන්න...හුහ්...
මේ, ඇහුනද? ඔතනින් පොඩ්ඩක් නැගිටිනවා....
යකෝ මූ...මෙන්න මගේ කාමරේ ඉඳල මටම් පුස් පාට් පෙන්නන්න එන හැටි...මේ මේ...ඕවට නම් එන්න එපා හරිතේ...මේ චාන් කියන්නේ එසේ මෙසේ බුලට් එකක් නෙවෙයි ඇවිස්සිලා ආවොත් නම්....
මගේ කාමරේට ඇවිත් මටම සද්දෙ දාන හිපාටු සිකනලා දිහා රවලා බලපු මම, ඌට රව රවම පුටුවෙන් නැගිටින්න ගියත් නිදිමත විකාරේ මාව දෙපැත්තට පැද්දෙන්න ගත්තෙ අන්තිමට අරයගේ මූණ බලාගෙන නැගිටින්න ගිහින් හුචස් ගාලා බිමට ලෑන්ඩ් වෙද්දි...
මම වැටුනා දෙයියනේ...ඒත් ඇස් දෙක පියාගෙන තොල්දෙක විකාගෙන හිටියේ නහය ගිහින් ඥොක් ගාලා බිම වැදෙයි කියලා උනත් මගේ නහයට කිසි අලාබ හානියක් වෙලා නෑ වගේම, මම තාම බිම පතිත වෙලා හිටියෙත් නෑ...
මේක නම් අනර්ඝයි, අති විශිෂ්ටයි...යකූ....ඒ කියන්නේ මමත් සුපර් හීරෝ කෙනෙක්ද? නැත්නම් මටත් වැම්පයර් බලයක්වත් තියෙනවද්? නැත්නම් පොලව පහලට ගිහින්ද? ඇයි මම තාම බිමට නොවැටුනේ? නිව්ටන්ට දැන් විශ්‍රාම ගන්න කාලෙහරි වගේ...දැන් ටික ටික ගුරුත්වාකර්ෂණ නියමත් බොරු වීගෙන එන පාටයි...
YOU ARE READING
We met again (Yizhan ff💯✅)
Fanficකාලයේ වැලි තලාවෙන් සැඟව ගිය ආදරණීය දෙහදක සංසාරගත ප්‍රේම වෘතාන්තය 💚❤️