පසුගිය කොටස
"හෙලෝ.....ඔව් කියනව"
"__________"
"මොනවා?"
"__________"
"හරි මං දැන්ම එන්නම්."
අදිස් දුරකතනය විසන්ධි කළා. ඔහුගේ දෑස් තුළ බිය සහ කෝපය ඉතා හොඳින් පෙනෙන්නට තිබුණා.
"අහ්හ්හ්හ්.....මොනාද මේ වෙන්නේ?අහ්හ්හ්හ්....."
ඔහු අසල තිබූ තේ කෝප්පය පොළොවේ ගසමින් කෑ ගැසුවා.
__________________________
ආලින්දය දෙසින් ඇසුණු ශබ්දය නිසාවෙන් මුළුතැන්ගෙයි සිටි අප්පු හීයක වේගයෙන් ආලින්දය වෙතට නැවත් පැමිණියා. එවිට ඔහු දුටුවේ ආලිදයේ සිට පිටව යන අදිස්වයි.
"බේබි...බේබි....බේබි කොහෙද මේ කලබලෙන් දුවන්නේ? බේබී..."
අදිස් අප්පු දෙස මදක්වත් නොබලා පිටව ගොස් ඔහුගේ කාරයට නැගී වලව්වෙන් පිටව ගියා.
"බේබි...!!බේබී.......!!"
අප්පු අදිස්ගේ කාරය පිටුපසින්ද මද දුරක් දිව ගියත්, පසුව ඔහු නැවතුනේ කොපමණ කතා කළත් ඉන් පලක් නොවන බව වැටහුණු හෙයින්ය.
+++++++++++++++++++++++++++++++++++++++++
අවසිහියෙන් මෙන් පදවාගෙන ගිය අදිස්ගේ වාහනයේ රෝද නතර වූයේ මහල් නිවාසයක් ඉදිරිපසයි. ඒ මහල් නිවාසය අසල සෙනග පිරී සිටියා. තැන් තැන් වල සිටි සමහර පුද්ගලයින්ගේ කසු කුසුව අදිස්ට යාන්තමින් සවන් වැකුණා.
"ඔන්න ඕක තමයි කර්මය ඵල දෙනවා කියන්නේ"
"ඒක නෙවෙන්නම්. කල පව් මෙලෝදිම පටිසන් දෙනවා කියන්නේ අන්න ඒකයි"
"ඔය මිනිහාට පහුගිය ටිකේ මොළේ අවුල් වෙලා පිස්සෙක් වගේ හිටියේ"
"ඔව් ඔව්...මහ රෑ බය වෙවී කෑ ගහලත් තිබ්බා."
YOU ARE READING
Deja Vu_BL Non Fic_
No Ficciónදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.