කතාවක් කියවලා කමෙන්ට් එකකින් හරි මාව අගයපු කෙනෙක් ඉන්නවා නම් ආදරණීය හිස්තැනක් පොත dedicate වෙලා තියෙන්නේ ඔයාලාට!
==============================================
දොළහ වසරේ ඉගෙන ගන්න පිවිතුරු එයාගේ අම්මගෙන් තාත්තගෙන්, යාළුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් සඟවන රහස් ගොඩක් තියෙනවා. හොඳම යාළුවා වුණූ සිතුම් ගැන පිවිතුරුගේ හිතේ තියෙන ආදරයත් ඒ අතරේ එක රහසක්.
අහඹු සිදුවිමකින් මේ රහස් එකිනෙක එළිවෙන්න පටන් ගනිද්දී එතෙක් නිදහසේ ගලාගෙන ගිය පිවිතුරුගේ ලෝකය උඩු යටිකුරු වෙනවා.
හැම පැත්තෙන්ම එල්ල වෙන අපහාස, උපහාස සහ චෝදනා අතරේ පිවිතුරුව ගොඩක්ම වේදනාවට පත් කරවන්නේ හොඳම යාළුවාගේ දුරස් වීමයි. සිතුම්ට, පිවිතුරුව තේරුම් ගන්න පුළුවන් වේවිද? පිවිතුරුගේ ලොකුම බලාපොරොත්තුවත් දැන් ඒකයි.
ඔයාලා හැමෝම ආදරණීය හිස්තැනක් එක්ක එකතු වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ පොත නොබෝ දිනකින්ම ඒවි. හැකියාවක් තියේ නම් ආදරණිය හිස්තැනක් පොත මිලදී ගන්න කියලයි අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා.
කතාවේ මුල් පිටු කිහිපය එක්ක තවත් දේවල් ගොඩක් කියන්න තියෙනවා... ඉක්මනින්ම මේකේ ඊලඟ කොටස හැටියට ඒවා දාන්නම්.
අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් හැටියට දාන්න... :)
VOUS LISEZ
ආදරණීය හිස්තැනක් | Dare To Read?
Roman d'amourනොකියූ කතාවක් තරම් දරුණු වේදනාවක් හදවතකට තවත් නැති නිසා... ආදරණීය හිස්තැනක්. =================