30 කොටස

2.2K 251 5
                                    

ඒ සතියෙත් දවස් තුනක් හිතන්නවත් බැරි ඉක්මනට ගෙවිලා ගියා.. බ්‍රහස්පතින්දා උදේම පරාක්‍රම එක්ක තියන මීටින් එකට මේ පාර අපුර්ව ලෑස්ති වුනේ ජිතේන්ද්‍ර එක්ක. පරාක්‍රම ලංකාවේ නැති නිසා මීටින් එක තියෙන්නේ ඔන්ලයින් වුනත් තියන බය නිසාම ප්‍රසන්ටේෂන් එක කීප වතාවක්ම රිවිව් කරන්න වුනා. දැන් වෙලාව 6.30 නිසා ඩිපාර්ට්මන්ට් එකේ හිටියේ ජිතේන්ද්‍රයි අපුර්වයි විතරයි.

"I think we are all set Yathra.." තව කීප පාරක්ම ප්‍රසන්ටේශන් එක චෙක් කරලා බලපු ජිතේන්ද්‍ර පුටුවට හේත්තු වෙන ගමන් කිව්වා..

"හ්ම්ම්ම්.. එහෙනම් එච්චරයි.. හෙට උදේ 8.00ට නේද දාල තිබ්බේ මීටින් එක?"

"ඔව්ව්... 7.30 එක ආයේ 8.00ට මාරු කරලා තිබ්බ නේ අද උදේ..?"

"හරි එහෙනම්.. යමුද..?" අපුර්ව ලැප්ටොප් එකත් වහලා ලෑස්ති වුනේ යන්න..

"යාත්‍ර.."

"ඔව් ජිතේන්ද්‍ර.."

"හ්ම්ම්ම්.. ඔයා මට ජිත් කියලා කතා කරන්න මම මොනවද කරන්න ඕන..?"

"ජිතේන්ද්‍ර.. හෙට මීටින් එක නිසා මම දැනටම නර්වස් වෙලා ඉන්නේ.. ප්ලීස්.. අදට මට ඒ ස්ට්‍රෙස් එක ඇති.."

"මම කියන දේ අහන් ඉන්නවත් බැරි තරමට ඔයාට මාව ස්ට්‍රෙස් එකක්ද..?"

"මම එහෙම අදහස් කලේ නැහැ.."

"දැන් දවස් කීයක්ද යාත්‍ර..? මම තව කොච්චර කල් බලන් ඉන්න ඕනද..?"

"මට මේ සතිය විතරක් දෙන්න.. මම හැමදේටම විසඳුමක් හොයාගන්නම්.."

"මම මෙච්චර කල් ඉවසන් ඉන්නේත් අමාරුවෙන් යාත්‍ර.. ඒ මට ඔයාව ඕන නිසා.. ඇයි ඔයාට මට ආදරේ කරන්න බැරි..?"

"ඒකට උත්තරේ ඔයා දැනටමත් දන්නවා ජිතේන්ද්‍ර.."

"එහෙනම් එදා ඇයි මට ආදරෙයි කිව්වේ..?"

"ජිතේන්ද්‍ර.. අහන්න.. ඔයා ඔය කියන සිද්දිය මට පොඩි හරි මතකයක්වත් නැහැ.. ඒක මතක් කරගන්න මම කොච්චර ට්‍රයි කරනවද කියලා දන්නේ මම විතරයි.. මේ යන විදියට මට පිස්සු හැදුනත් මම පුදුම වෙන්නේ නැහැ. ඒ තරම් මගේ ඔලුව ඇතුලේ යකා නටපු පිට්ටනියක්.. ඒත්.. මට සමාවෙන්න.. පොඩි හරි බලාපොරොත්තුවක් දුන්නාට සමාවෙන්න.."

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora